මානව දයාවෙන් පොලිසියේ නම එළිය කළ නවගමුවේ ඔ්. අයි. සී. මහත්තයා

470

නිල ඇදුමට එහා ගිය මනුස්සකම

නවගමුව නගර මධ්‍යයේදී හදිසි ක්ලාන්ත තත්ත්වයක් නිසා බස් රථයෙන් ඇදවැටුණු පාසල් දරුවකු නවගමුව පොලිස් ස්ථානාධිපති සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා විසින් ආපන ශාලාවකට රැුගෙන ගොස් ඔහුට සියතින්ම බත් කවා කුසපුරවා රෝහල් ගතකිරීමේ සානුකම්පිත සිදුවීමක් ඊයේ (16 දා) උදෑසන වාර්තා විය.

මිනිස්කම නොහඳුනන කළු චරිත ගහන පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැනි මානවදයාව පිරිපුන් නිලධාරීන් සිටීම එම දෙපාර්තමේන්තුවටම මහා කීර්තියකි.

නවගමුව බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයට යෑමට පැමිණි නවය වසර පන්තියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු ඊයේ පෙරවරුවේ බස් රථයෙන් බැසීමට යෑමේදී ඉන් ඇදවැටී ඇත. ඒ වනවිට නවගමුව පොලිස් ස්ථානාධිපති සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටියේය.

දරුවාගේ අසනීප තත්ත්වය විමසා ඔහු උදෑසන ආහාර ගෙන නොමැති බව දැනගත් ස්ථානාධිපතිවරයා සිය නිල රථයෙන්ම ඔහු අසල තිබූ ආපන ශාලාවක් වෙත රැුගෙන ගොස් ඇත.

තම වියදමින් බත් පිඟානක් සහ ආහාර පාන මිලට ගත් ස්ථානාධිපතිවරයා සියතින්ම දරුවාට කවා පොවා කුස පුරවා පසුව ඔහු නවගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව දරුවාගේ දෙමාපියන්ට ද මේ පිළිබඳව දැනුම් දීමට කටයුතු කළ ස්ථානාධිපතිවරයා දරුවා දෙමාපියන්ට භාරදීමට ද කටයුතු කළේය.

මිල මුදලට තම නිල ඇඳුමේ කීර්තිනාමය පාවාදෙන මිනිස්කමක් නොහඳුනන නිලධාරීන් බහුල පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැනි නිලධාරීන් සිටීම සැබැවින්ම පොලිසියට ගෞරවයකි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment