මානව හිතවාදී දිවංගත ලක්ෂ්මන් කදිරගාමර්

365

අදට යෙදෙන 17 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ 17 වැනි ගුණසැමරුම අදට (අගෝස්තු12) යෙදී ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දැරූ වසර 09ක පමණ කාලයක් ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ධුරය හෙබවීය. කදිරගාමර් මහතා 2005

අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ කොළඹ 07, විජේරාම පාරේ පිහිටි සිය නිවසේ පිහිනුම් තටාකයේ සිට පිටතට පැමිණෙද්දී එල්. ටී. ටී. ඊ. ස්නයිපර්කරුවකුගේ ප්‍රහාරයකට ලක්වී දිවියෙන් සමුගත්තේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයකු වූ ඒ මහතා කොළඹ විශේවවිද්‍යාලයේ නීතිය හදාරා එල්. එල්. බී නීතිවේදී ගෞරව උපාධිය හිමිකර ගත්තේය. කීර්තිමත් නීතිවේදියකු හා ජාත්‍යන්තර මානවහිතවාදියකු ලෙස මෙරට මෙන්ම ජාත්‍යන්තරය තුළද මහත් ගෞරවයක් හිමිකර ගත් ලක්‍ෂ්මන්
කදිරගාමර් මහතා ශ්‍රී ලංකාව හා එල්. ටී. ටී. ඊ. සංවිධානය පිළිබඳ සැබෑ ස්වරූපය ජාත්‍යන්තරයට පැහැදිලි කර එල්. ටී. ටී. ඊ. සංවිධානය පුළුල් ලෙස හෙළාදකිමින්ද, ශ්‍රී ලංකාව පිළිබඳව තිබූ ජාත්‍යන්තර අප්‍රසාදය බැහැර කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළේය. 1997 ඔක්තෝබර් 08 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේද, 2001 පෙබවාරි 28 දින එක්සත් රාජධානියේද එල්. ටී. ටී. ඊ. තහනම් සංවිධානයක් බවට පත් කිරීමට එරට නායකයින් පෙලඹවිය.

බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනයක් වන වෙසක් දිනය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙස පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත 1999 වර්ෂයේදී එවක විදේශ ඇමැතිවරයා ලෙස ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඉදිරිපත් කළ යෝජනාව එම මහා මණ්ඩලය පිළිගත්තේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment