මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද ඇරඹේ

73

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (28) ආරම්භ වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එ.ජා.මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව මේ සතිය තුළදී සැසිවාරයට ඉදිරිපත් වන අතර මාර්තු මස 3 වැනිදා ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජීගඑල්ග පීරිස් මහතා ප්‍රමුඛ දූත පිරිසක් මේ වනවිට ජීනිවා නුවරට ගොස් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment