මානසික ආතතියට හෝමියෝපති ​ප්‍රතිකා​ර

1845

බොහෝ දරුණු රෝග තත්ත්ව වලට ගොදුරු වීමේ අවදානම මූලික සාධකය මානසික ආතතියයි. මේ අතර අධිරුධිර පීඩනය ඇතිවීම, හෘද රෝග, ආසාදනය, ගැස්ට‍්‍රයිටිස්, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ප‍්‍රධාන වෙනවා
 
 එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන ගැටලූ, ප‍්‍රශ්න, අසහනකාරී බව, තරගකාරිත්වය, බලාපොරොත්තු බිඳ වැටීම, අධික කාර්යබහුලත්වය, ඝෝෂාකාරී බව, අවිවේකී ජිවන රටාව, දරාගත නොහැකි වැඩ කන්දරාව අපට බොහෝ මානසික ආතතිය ඇති කරනවා
 
 වත්මන් සමාජයේ කාර්යබහුලතාවය, අසහනකාරිත්වය, සමාජීය ජීවන රටාව, සෞඛ්‍ය තත්ත්වය, වෘත්තීමය පරිසරය නිසා බොහෝ දෙනෙකු මානසික ආතතියට ගොදුරු වෙමින් විශාදය වැනි මානසික රෝගී
 
 තත්ත්වයට පත්වීම කනගාටුදායක තත්ත්වයකි. කුඩා, තරුණ, මැදිවිය, මහලූ බහුතරයකට ඇතිවිය හැකි මානසික රෝග තත්ත්වයකට ගෙනයන මාවත මානසික ආතතියයි.
 
 මානසික ආතතිය යනු කුමක්ද?
 
 මොළයේ ඇතිවන සිතුවිලි හා ශාරීරික ක‍්‍රියාවලියක් සඳහා සංඥා නිකුත්වීම සිදුවන්නේ ස්නායු මගින්. මෙම ස්නායු මගින් සන්නිවේදනය සඳහා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වනවා. මිනිස් මොළය තුළ පණිවිඩ රැුගෙන යෑමේ ක‍්‍රියාවලියට දායක වන ස්නායු සම්පේ‍්‍රෂණ රසායනික සංයුතිය අසමබරව පැවතීම ක‍්‍රමක‍්‍රමයෙන් විවිධ මානසික රෝග කාණ්ඩ සඳහා හේතු සාධක වනු ඇත. මානසික ආතතිය පෙන්වන රෝගී ලක්ෂණ මොනවාද ?
 
 මෙය ප‍්‍රධාන ලෙස හැ`ගීම්වල නැත්නම් සිතුවිලිවල ඇතිවන වෙනස්වීම්, හැසිරීම් රටාවේ වෙනස්වීම, කායික රෝග ලක්ෂණ ලෙස මෙය කොටස් තුනකට බෙදිය හැකිය.
 
 හැ`ගීම් වල ඇතිවන වෙනස්කම්
 
 මතකය අඩුවීම, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, අවධානය අඩු වීම, ආත්ම විශ්වාසය අඩුවීම, නිතර භය දැනීම, තරහා යෑම, ස්වාභිමානය හීනවීම, මානසික ඒකාග‍්‍රතාවය පවත්වා ගැනීමට අපහසු වීම, තමන් කරන කටයුතු පිළිබඳව සහ අනාගතය පිළිබඳ බියකින් පසුවීම, නිරතුරු තැතිගත් ස්වරූපයක් ඇතිවීම, නොරුස්සන සුළු ස්වභාවය යන ලක්ෂණය.
 
 හැසිරීම් රටාවේ වෙනස්කම්
 
 ආහාර අරුචිය හෝ අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම, බොහෝ පැණි රස කෑම ගැනීමට පෙළඹීම, තමන්ගේ බාහිර පෙනුම ගැන උනන්දුව අඩුවීම, පැහැදිලිව කථා කිරීමට නොහැකි වී ගොත ගැසීම, හුදෙකලාව සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම, හැ`ඩුම්බර ගතිය හා විශාද ලක්ෂණද මොවුන් තුළ පෙන්නුම් කරනවා.
 
 කායික වෙනස්කම්
 
 හිසරදය, ඉක්මනින් පීඩාවට පත්වීම, තොලකට වේලීම, නින්ද නොයාම, අධික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, මුත‍්‍රා පිටවන වාර ගණන වැඩිවීම, බඩ පුරවා දැමීම, බඬේ දැවිල්ල, ඔක්කාරය, මස්පි`ඩු තද ගතිය දැනීම, කොන්ද කැක්කුම, බෙල්ල කැක්කුම, ඇ`ගපත බොහෝ රුදාව වැනි රෝග ලක්ෂණද තවත් සමහර අය තුළ ඇස්වල කර්ණිකාව විශාල විම, ලිංගික ආශාවන් අඩුවීම, ඇ`ගිලි වෙව්ලීම, අත්පාවල ඇ`ගිලි හිරිවැටීම, සම මතුපිට දැවිල්ලක් ඇතිවීම ආදී ලක්ෂණ දැකිය හැකි වනවා.
 
 මානසික ආතතිය ඇති වීමට හේතු සාධක
 
 ජානවල ස්වභාවය, හෝර්මෝන වෙනස්කම්, දීර්ඝකාලීන භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍ය, වයසට යාම මොළයට වන හානි, සමාජීය වටපිටාව මෙන්ම ඊර්ෂියාව පාලනය කර නොගැනීමද මින් ප‍්‍රධානය. තවද හදිසියේ ඇතිවන දරාගත නොහැකි කම්පාව ඇති කරන සිද්ධිද බලපානු ඇත. එනම් මරණ, මුදල් පාඩු, ප‍්‍රියයන්ගෙන් වියෝවීම, ආදර සබඳතා බිඳී යාම, සමාජය තුළ ඇති රෝග බිය, ආයතනයේ පාලකයන්ගෙන් වන බලපෑම, ගුරුවරුන්ගේ බැනුම්ද, ඇතැම් පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයන් සමච්චලයට ලක්වන ආකාරය, ලැජ්ජාවට පත්වන ආකාරය, දැඩි ලෙස විවේචනයට භාජනය වන ආකාරය, අන්අය ඉදිරියේ අවමානයට ලක්වීම වැනි දැනීම් තුළින්ද ලිංගික අපචාර වලට ලක්වීම නිසා ඇතිවන මානසික සංකූලතා ආතතිය ගෙන දීමට මූලික සාධක වනු ඇත. එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන ගැටලූ, ප‍්‍රශ්න, අසහනකාරී බව, තරගකාරිත්වය, බලාපොරොත්තු බිඳ වැටීම, අධික කාර්යබහුලත්වය,ඝෝෂාකාරී බව, අවිවේකී ජිවන රටාව, දරාගත නොහැකි වැඩ කන්දරාව අපට බොහෝ මානසික ආතතිය ඇති කරනවා.
 
 මානසික ආතතිය වෙනත් රෝග වලට බලපෑමක් ඇති කරනවාද?
 
 බොහෝ දරුණු රෝග තත්ත්ව වලට ගොදුරු වීමේ අවදානම මූලික සාධකය මානසික ආතතියයි. මේ අතර අධිරුධිර පීඩනය ඇතිවීම, හෘද රෝග, ආසාදනය, ගැස්ට‍්‍රයිටිස්, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ප‍්‍රධාන වෙනවා.
 
 හෘද රෝග
 
 මානසික ආතතිය කරණ කොට ගෙන ශරීරය තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ස‍්‍රාවය වේ. මෙසේ ස‍්‍රාවය වන එක් ද්‍රව්‍යයක් නම් ‘ඇඞ්රිනලින්’ නම්වූ ස්නායු උත්තේජනයයි. මෙම ද්‍රව්‍ය මගින් රුධිර ධමනි වලට හානි පැමිණෙනවා. ඒ හානි වූ ස්ථානය මත රුධිරයේ පට්ටිකා කැටි ගැසෙන්නට පටන්ගෙන ක‍්‍රම ක‍්‍රමයෙන් විශාල වී ලේ කැටියක් බවට වැඩෙන්න පුළුවන. දැඩි මානසික අසහනයක් ඇති වූ විට හෘදයාබාධ ඇතිවීමට එක් හේතුවක් වනවා. සිතට දැනෙන බය කරණකොට ගෙන ස්වයං ස්නායු පද්ධතිය ක‍්‍රියාත්මක වී හදවත ගැහෙන වේගය වැඩි වෙනවා.(Palpitation) වේගයෙන් හුස්ම ගැනීම නිසා Panic Attack වැනි තත්ත්ව ඇතිවිය හැක.
 
 රුධිර පීඩනය වැඩිවීම. පක්ෂගාත රෝගය
 
 රුධිර නාලවල කිසියම් අවහිරතාවයකට ලක්වී තිබීම. මොළයට ගමන් කරන රුධිර නාල පුපුරා යාම හෝ එසේ ගමන් ගන්නා නහරයේ අවරෝධතාවයකට (Obstruct) වීමෙන් පක්ෂගාත රෝගය ඇතිවීම පවතින සමාජය විෂමතාවය, කොලෙස්ටරෝල්, දියවැඩියාව පාලනය නොවීම, රුධිර පීඩනය පාලනය නොවීම, මානසික ආතතිය ගෙන දුන් සංකූලතාවය සමහර අවස්ථාවන්හි ඇතිවන හැ`ගීම් උණුසුම් උද්වේගකාරී තරහව, ක්‍රෝධය දැඩි මානසික ආතතිය මෙයට හේතු සාධක වනු ඇත.
 
 ගැස්ට‍්‍රයිටිස් රෝගය
 
 මොළය ආමාශය අතර ඇති ස්නායු සම්බන්ධතාවය නිසා මානසික ආතතිය ඇති වූ විට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩි වී ගැස්ට‍්‍රයිටිස් තත්ත්ව ඇතිවනු ඇත. එවිට අධික ලෙස ගැස්ටි‍්‍රන් හෝර්මෝනය ස‍්‍රාවය වීම. ආමාශ ග‍්‍රහනිය තුවාල ඇති කිරීමට සමත්වනු ඇත. ගැස්ට‍්‍රයිටිස් තාවකාලික පාලනය රෝග මූලයේ වර්ධනය සංකූලතාවයක් ඇති කරනු ඇත. එහිදී ඇතිවන ආම්ලික විෂ රුධිරයට එකතු වී ආක‍්‍රමණය වූයේ වකුගඩු නම් වකුගඩු රෝගද ආක‍්‍රමණය වුයේ මුත‍්‍රා මාර්ගය නම් මුත‍්‍රා රෝගද ,ආක‍්‍රමණය වුයේ ශරීරයේ අධෝභාගය නම් අර්ශස්, මල බද්ධය වැනි රෝගද ආක‍්‍රමණය වුයේ හෘදය නම් හෘද රෝග ඒ ඒ ඉන්ද්‍රියන්ට ආවේනික රෝග තත්ත්ව ඇතිකරලීමට මානසික ආතතියේ බලපෑම දරුණු රෝගී තත්ත්වයන් කරා ඔබ ගෙනයනු ඇත.
 
 හෝමියෝපති මගින් සුව කරන්නේ කෙසේද ?
 
 මානසික ආතතිය මූලික පදනම් වෙමින් හටගත් කායික, මානසික හැ`ගීම්
 
 හා හැසිරීම් රටාවේ වෙනස්කම් පෙන්නුම් කරන විවිධාකාර රෝග ලක්ෂණ හෝමියෝපති වෛද්‍ය ප‍්‍රතිකාර වලදී එයට මූලික වූ හේතු සාධක වූ මොළයේ රසායනික සංයුතිය වෙනස යථා තත්ත්වයට ගෙනදීමට අදාළ කරගැනීම මෙම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයේ සුවිශේෂිත්වයයි. බටහිර වෛද්‍යවරයකු වන හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ පියා වන සැමුවෙල් ෆෙඞ්රික් හානේමාන් තුමා සුවය පිළිබඳ සොයාගත් මූලධර්මය ”සමාන දෙයින් සමාන දේ සුවපත් වේ’’ යන මතය මත පදනම් වෙමින් මොළයේ රසායනික වෙනස්කම් පෙන්වන රෝග ලක්ෂණය එහි සංඥාව ලෙස ගෙන එම රෝග ලක්ෂණයට සමාන ඖෂධය ශරීරයට අනුගත කිරීම තුළ සංඥාව නිවා දමනුයේ වෙනස් වූ රසායනික සංයුතිය නැවත යථා තත්වයට ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙනි. එමගින් රෝග ලක්ෂණය නැතිවී යාම සිදු වනු ඇත. රෝග ලක්ෂණය එනම් සංඥාව නිවා දැමීම පාලනයයි. (බටහිර වෛද්‍ය ක‍්‍රමය) තවදුරටත් රෝග ලක්ෂණ එනම් සංඥාව නැතිවී යාම එහි සුවයයි (හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය) මෙය අප වටහා ගත යුතුමවේ. මෙය වටහාගෙන හෝමියෝපති ප‍්‍රතිකාර තුළින් ලබන සුවය ඔවුන්ට එනම් Psychological Immunization  මානසික ප‍්‍රතිශක්තිකරණය ඔවුන්ගේ මොළය තුළ වර්ධනය වනු ඇත. එමගින් මනසට ඇතුළු වන විෂබීජ නමැති විවිධාකාර අහිතකර සිතුවිලි ඉන් ඉවත්කරනු ලැබේ. ඒ වගේම තමාගේ සිතුවිලි නිවැරදි කිරීම, ආත්ම විශ්වාසය වැඩි දියුණු වීම, අත්ම ශක්තිය වර්ධනය වීම, තමන් පිළිබඳ අවබෝධය වැඩිදියුණු වීම, එනම් අඩාල වූ හැගීම්, හැසිරීම් රටාව, කායික වෙනස්කම ජීවන ක‍්‍රියාවලිය යළි පුනර්ස්ථාපනය කිරීම මින් සිදුවනු ඇත. එනම් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් විශාදය  (Depression Obsessive Compulsive Disorde (OCD) භින්නොන්මාදය වැනි විවිධ මානසික රෝගී තත්ත්ව අතුරු ආබාධයකින් තොරව සුවපත් වීම නිසැකවම සිදුවනු ඇත.

Anusha Hemakumara
advertistmentadvertistment
advertistmentadvertistment