මානසික ආබාධිත මව සමග තනිවූ 11 හැවිරිදි දරුවා ජීවන අරගලයට පිහිටක් පතයි  

260

‘‘අම්මා මන්ද මානසිකයි. තාත්තා සෙම් රෝගයෙන් මියගියා. මම ඉස්කෝලේ යන්නේ නෑ. අම්මට කවුරු හරි ගැහුවොත් මට කවුරුවත් නෑ. අම්ම මන්ද මානසික නිසා කුලී වැඩක්වත් කරන්න බෑ. මම අහළ පහළ ගෙවල්වලට ගිහින් කන්න මොනවා හරි ඉල්ලාගෙන එනවා යැයි පැවසූ සංවේදී පුවතක් නාවත්කඩ, කුට්ටියාවත්ත, අගලිය ගමේ ජීවත් වන සපුන් කවිශ්ක (11) දරුවාගේ හඬ අප හදවත් කම්පා කරවීය.

නිදහස් අධ්‍යාපනයක් ලබන්න තියෙන රටේ ජීවත් වීමේ අරගලයට සටන් වදින මවත්, එකොළොස් හැවිරිදි පුතෙකුත් මේ වනවිට කෑම බීම නැතිව අහේනියට පත්ව ඇති බව ගම්වාසීන් පසුවයි. දෛනික කුලී වැඩක් කර ජීවත් වූ අම්මාට මන්ද මානසික නිසා ඇයට කිසිදු තැනක කුලියක් නොදෙන තැනට පත්ව ඇත. මේ හේතුවෙන් එකොළොස් හැවිරිදි පුතා ගෙයින් ගෙට ගොස් කෑමට යමක් ඉල්ලාගෙන එන බවත්, සමහර දිනවල වියළි ආහාර ගම්වාසීන් ලබා දෙන බවත් පවසනවා.

මානසික ආබාධිත මව සමග තනිවූ 11 හැවිරිදි දරුවා  ජීවන අරගලයට පිහිටක් පතයි  

අද කාලයේ තේ කෝප්පයක්වත් පිනට දීමට නොහැකි වට පිටාවක ගම්වාසීන් ඔවුන්ට සත්කාර කිරීමට රටට ආදර්ශයකි.

‘‘අපේ තාත්තා නෑ. සෙම් රෝගයකින් මියගියා. අම්ම මන්ද මානසික නිසා මට බඩගිනි ඉවසා ගන්න බැරි වන විට ළඟ නැන්දලාගේ ගෙවල්වලට ගිහින් මොනවා හරි ඉල්ලාගෙන කනවා. මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 78 ක් ගත්තා. දැන් ඉස්කෝලෙ යන්නේ නෑ. ඉස්කෝලේ ගිහින් එන විට අම්මට මොනව හරි වෙලා තිබුණොත් මට කවුරුවත් නෑ යැයි දිගින් දිගටම ඔවුන්ගේ දුක් අඳෝනාවන් පැවසීය.

ලීලාවතී සූරියආරච්චි (අසල්වැසි)

‘‘දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරි දක්‍ෂයි. අම්මට කවුරු හරි ගහලා මරා දමයි කියලා පාසල් යන්නේ නෑ කියනවා. රුපියල් 7000 ක රතු ලයිට් බිලක් ආවා.

ගමේ මිනිස්සු එය එකතු වෙලා ගෙවනවා. මේ අසරණ අම්මටයි පුතාටයි උදව් කරන එක ලොකුම පිනක්. 196 බී, පාතවැලිවිටිය ග‍්‍රාම නිලධාරී වසමේ, නාවත්කඩ, කුට්ටියාවත්ත, අගලිය යන ලිපිනයේ ඔවුන් පදිංචිව සිටී. වැඩි විස්තර සඳහා 0771046515 / 071 2583995 දුරකථන අංකවලින් විමසිය හැක.

අලූත්වල – එල්. පී. ඞී. බන්දුරත්න

advertistmentadvertistment
advertistmentadvertistment