මානියම්ගමදී බසයේ හැපුණු පාපැදිකරු මරුට ජනයා බසයට ගිනි තබති

208

අවිස්සාවේල්ලේ සිට මානියම්ගම දෙසට අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ සේවක සේවිකාවන් රැුගෙන ගිය පෞද්ගලික බස් රථයක පාපැදිකරුවකු  ගැටී 15 වැනිදා සවස අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉහළ ගම්මැද්දලාගේ වීරසේන නමැති මානියම්ගම පදිංචි වයස අවුරුදු 71 පමණ වන පෙදරේරුවෙකි. 15 වැනිදා මානියම්ගම ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත. 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මගින් තුවාලකරු අවිස්සාවේල්ල රෝහලට ගෙනයෑමෙන් අනතුරුව මෙසේ මිය ගොස් ඇත.

සිද්ධියෙන් ප‍්‍රකෝප වූ අවට ජනතාව එම අවස්ථාවේ බස් රථයට ගිනි තබා ඇති අතර රියැදුරු පලා ගොස් තිබෙයි. සිද්ධිය සම්බන්ධව අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණය පවත්වයි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment