මාබෝලේ ගබඩාවක සගවා තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පොලිසියෙන් වටලයි

141

වත්තල පොලිසිය විසින් ඉකුත් 28දා වත්තල මාබෝල ප‍්‍රදේශයේ කළ හදිසි සෝදිසි කිරීමකදී එම ප‍්‍රදේශයේ පිහිටි මහාපරිමාණයේ  ගබඩාවක තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් සොයාගෙන ඇත.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සීලෝගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් වත්තල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත. සිද්ධිය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කොට ඇති බවද පොලිසිය පවසයි.

වත්තල මාබෝලේ පවත්වා ගෙන ගිය මෙම ගබඩාවේ ගබඩා කර තිබූ මෙම සීනි තොගය පිළිබඳව කිසිම තොරතුරක් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

බී.ටී.කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment