මාමාගේ මළ ගෙදර සිට පාරට යද්දී අඹ ගසක් කඩා වැටී බෑණාත් මරුට

610

මාමාගේ මෘත දේහය නිවසේ තිබියදී පාරට ගිය බෑණාගේ හිස මතට 18 වැනිදා මහා රාත්‍රියේදී අඹ ගසක් කඩා වැටී ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ අටබාගේ වත්තේ ඉහළ කොටස පදිංචිව සිටි පලනි මුත්තු රත්නසාමි නමැති 63 හැවිරිදි එක් දරු පියෙකි. ඔහුගේ බිරිඳගේ 76 හැවිරිදි පියා මියගොස් ඇති අතර එම දේහය ඔහුගේ නිවසේ තිබී ඇත.

එයට තනි රකිමින් සිටි මොහු රාත්‍රී 12.00 ට පමණ නිවසට පැමිණෙන මාර්ගයට ගොස් ඇති අතර එහිදී විශාල අඹ ගසක් කඩා වැටී මොහු එයට යටවී තිබේ.

මෙම දිනවල පවතින වර්ෂාව හා සුළඟ සමග දිරා ගොස් තිබූ අඹ ගසක් මෙසේ කඩා වැටුණ ද එයට කිසිවකුත් යට වී ඇති බව නිවසේ කිසිවකුත් දැන නොසිටි බව පොලිසිය සඳහන් කරයි. අඹ ගසක් කඩාවැටීමෙන් මළ ගෙදරට පැමිණෙන මාර්ගය අවහිර වීම නිසා කිහිපදෙනෙකු එකතු වී මහා රාත්‍රියේම ගසේ අතු කපමින් සිටියදී කිසිවකු ගසට යට වී සිටින බව දැක සොයා බැලීමේදී ඒ රත්නසාමි බව දැන වහාම 1990 හදිසි ගිලන් රථ සේවයට මේ බව දන්වා ඇත. පැමිණි ගිලන් රථ සේවයේ අය මොහු

මියගොස් ඇති බවද දැන්වීම නිසා පරීක්ෂණය සිදුකරනු තුරු මළ සිරුර එම ස්ථානයේම තබා ඇත. ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක දයාරත්න පොලිස් සැරයන්වරුන් වන (82711) රුචිර ශ්‍රී, (37319) රාජපක්ෂ, (103555 )හේරත්, (103646) වනසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment