මාමා දැරියකට කළ අතවරය ගැන හොයද්දී තාත්තත් මාට්ටු වෙලා…. අනියම් බිරිඳක සමග පවුල්කමින් සිටියදී කුදලාගෙන එයි

585

වයස අවුරුදු 13 ක්වූ දැරියකට තම මාමා අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව කළ පරීක්‍ෂණවලදී එම දැරිය අවුරුදු 07 ක්ව සිටියදී තම පියාගෙන්ද අතවරයට ලක්ව ඇති බව හෙළිවූ අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (30 දා* පිටබැද්දර ප‍්‍රදේශයේ අනියම් බිරියක් සමග සිටියදී මෙම පියා අත්අඩංගුවට ගෙන පයාගල පොලිසියට භාරදී ඇත.

 මෙම අතවරයට ලක්ව ඇත්තේ මග්ගොන නිර්මලවත්ත ප‍්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මේ වනවිට ඇය පරිවාස භාරයට පත් කර ඇත.

 ලද තොරතුරු අනුව පිටබැද්දර ප‍්‍රදේශයේ නිවෙසක අනියම් බිරියක සමග සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අනියම් බිරිඳටද මොහුට දාව එක් දරුවකු සිටින බවද අනාවරණය වී ඇත.

 සැකකරු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක එම්. එල්. නිහාල්, කොස්තාපල්වරුන් වන සිංහාරච්චි සහ ප‍්‍රියන්ත යන මහත්වරුන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment