මාරඹේ ඉවත් කළ හේතුව ඇමැති කියයි

328

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති සියලූම ආයතනවල දැරූ තනතුරුවලින් ඉවත් කළේ රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මත ක‍්‍රියාත්මක කෙරෙන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින් ඊට එරෙහිව විශ්වවිද්‍යාල ප‍්‍රජාව, ප‍්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප‍්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සඳහන් කරති.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔහු එම සියලූ තනතුරුවලින් ඉවත් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (26 දා* උපදෙස් දී තිබේ.

ඒ අනුව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් කෘෂි නව්‍යකරණ ව්‍යාපෘති මෙහෙයුම් කමිටු සාමාජික ධුරයෙන් කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට උපදෙස් දී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන ප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමක අධ්‍යක්‍ෂවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර ඉකුත් රජය කාලයේ ග්ලයිපොසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ අයකු බවට චෝදනා එල්ල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට අයත් ආයතනවල දරා තිබූ නතුරුවලින් වහාම ඉවත් කරන ලෙස ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට ඊයේ (26 දා* ලිපියක් මගින් දැනුම් දී ඇත.

මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ කියයි

තමා ඉවත්කර ඇතැයි කියන්නේ 2021 සැප්තැම්බර් මාසයේ කාලය අවසන් වූ ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුවකින් බව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. තමා සම්බන්ධයෙන් එසේ කිරීම කෙතරම් ඵලදායිදැයි නොදන්නා බව පැවසූ මාරඹේ මහතා කවුරු කුමක් කීවත් ඉවත් කිරීම පිළිබඳව කිසිවක් මෙතෙක් තමාට දැනුම්දී නැතැයිද පැවැසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment