මාර්ගයේ වේලීමට දමා තිබූ වී මතින් යතුරුපැදිය ලිස්සා ගොස් – අයෙක් මරුට

754

කිළිනොච්චිය, පරන්තන්, පුනරීන් මාර්ගයේ මේ දිනවල ගොවීන් වී වේලමින් සිටී. වී මතින් ගිය යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙක් 7 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කනගරත්නම් රේගන් නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සිය යතුරුපැදියෙන් පුනරීන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි කැබ් රථයකට ඉඩදීම සඳහාඑය අයින් කිරීමේදී වී ගොඩක් මත ලිස්සා ගොස් කැබ් රථයේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය රෝහල වෙත බාර දී තිබේ. කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment