මාර්ටාගෙන් ඔලිම්පික් වාර්තාවක්

155

පාපන්දු මූලික වටයේදී බ‍්‍රසිලය, අයිවරි කෝස්ට්, රුමේනියාව, නවසීලන්තය, මෙක්සිකෝව, ඕස්ටටේ‍්‍රලියාව සහ ජපානයට ජය
 
මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භ කරමින් පවත්වන ලද පිරිමි පාපන්දු තරඟාවලිය ආශ‍්‍රිතව මූලික වටයේ ජයග‍්‍රහණ සටහන් කර ගැනීම බ‍්‍රසීලය, අයිවරිකෝස්ට්, රුමේනියාව, නවසීලන්තය, මෙක්සිකෝව, ඕස්ටේ‍්‍රලියාව සහ සත්කාරක ජපානය සමත් විය.
 
 ඉකුත් වර රන් පදක්කම් ලාභී බ‍්‍රසීලය හමුවේ ගෝල් 04 – 02 ක් ලෙස ජර්මනියද ජපානය හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස දකුණු අප‍්‍රිකාව ද අයිවරිකෝස්ට් හමුවේ ගෝල් 02 – 01 ක් ලෙස සෞදි අරාබියාව ද මෙක්සිකෝව හමුවේ ගෝල් 04 – 01 ක් ලෙස ප‍්‍රංශය ද රුමේනියාව හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස හොන්ඩුරාස් ද ඕස්ටේ‍්‍රලියාව හමුවේ ගෝල් 02 – 00 ක් ලෙස ආජන්ටිනාව ද නවසීලන්තය හමුවේ ගෝල් 01 -00 ක් ලෙස දකුණු කොරියාව ද පළමු දින පරාජය ලැබීය.
 
 මේ අතර වාරයේ කාන්තා පාපන්දු තරඟ ආරම්භ කරමින් පැවති මූලික වටයේදී ඕස්ටේ‍්‍රලියාව , නෙදර්ලන්තය , ස්වීඩනය, බ‍්‍රසීලය සහ මහා බි‍්‍රතාන්‍යය ද ජයග‍්‍රහණ සටහන් කර ගත්හ.
 
 කැනඩාව සහ සත්කාරක ජපානය අතර පැවති තරඟය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
 
 1996, 2004, 2008 සහ 2012 රන් පදක්කම් ලාභී ඇමරිකා එක්සත් ජනපද පිල මෙවර මූලික වටයේදී පසුගිය වර රිදී පදක්කමට හිමිකම් කියූ ස්වීඩනය හමුවේ ගෝල් 03 – 00 ක් ලෙස පරාජය ලැබීම කැපී පෙනුණි.
 
 එමෙන්ම නොකඩවා පස්වැනි වරට ද ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන බ‍්‍රසීලයේ පෙර පෙළ ක‍්‍රීඩිකා මාර්ටා වෙයිරා ද සිල්වා නව ඔලිම්පික් වාර්තාවක් බිහි කළාය. ඇය
 
 සහභාගී වූ සෑම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක දීම ප‍්‍රතිවාදීන්ට එරෙහිව ගෝල් ලබා ගැනීමට සමත්වීම නව ඔලිම්පික් වාර්තාවකි.
 
 මෙදින ආරම්භක තරගයේ ජයග‍්‍රහණය සඳහා ඇය රැස්කළ ගෝල් සංඛ්‍යාව 02කි. ලොව විශිෂ්ටතම පාපන්දු ක‍්‍රීඩිකාව ලෙස වසර 06 ක් සම්මාන දිනාගෙන ඇති මාර්ටා වෙයිරා ද සිල්වා ඔලිම්පික් රිදී පදක්කම් 02 කට හිමිකම් කියන්නීය. ඇය රැුස් කරගෙන ඇති ජාත්‍යන්තර මට්ටමේ ගෝල් සංඛ්‍යාව 111 කි.
 
 බ‍්‍රසීල කණ්ඩායමේ පළපුරුදුම හා ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩිකාව වන
 
 ‘ෆෝමීගා’ හෙවත් ‘රෙල්ඩස් මැසියල් මෝටා’ පිට පිටම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවල් 07 ක් සඳහා ක‍්‍රීඩා කරමින් පිහිටුවන ලද වාර්තාව ද කැපී පෙනුණි. 1996 සිට 2020 (2021* දක්වා බ‍්‍රසීලය නියෝජනය කරන 43 න් හැවිරිදි ෆෝමීගා සහභාගී ඇති ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟ සංඛ්‍යාව 201 කි.
 

– අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment