මාර්තු අග විදෙස් සංචිත සියයට 16.1කින් පහළට – රන් සංචිතත් 70%කින් බසී

138

ඉකුත් මාර්තු මස අගදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.93ක් දක්වා සියයට 16.1කින් පහත වැටී ඇත.

පසුගිය පෙබරවාරි මස අග පැවති විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.31ක් විය.

එසේම 2022 මාර්තු මස අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 2026ක් වූ විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඉකුත් මාර්තු මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1724ක් දක්වා සියයට 14.9කින්ද පහත වැටී තිබේ. එසේම මහ බැංකුවේ රන් සංචිතයද පෙබරවාරි මස අග පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 98 සිට මාර්තු මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 29 දක්වා සියයට 70කින් තවදුරටත් අඩු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment