මාර්තු 9 ඡන්දය නෑ

130

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද මෙතෙම පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එම නිවේදනය මගින් ඒ මහතා සඳහන් කර සිටියි. එසේම මාර්තු මස 09 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් සමග ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත.

ඉකුත් 24 වැනිදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණ ගත් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment