මාරාන්තික ‘ඩෙල්ටා’ රට තුළ ව්‍යාප්තව පැවැතීම දැඩි අවදානම්… රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

609

මාරාන්තික ‘ඩෙල්ටා’ වැනි සැර විකෘති කොවිඞ් ප‍්‍රභේදය රට තුළ ව්‍යාප්තව පැවතීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
 
 එන්නතකට ඔරොත්තු නොදෙන විකෘති කොවිඞ් ප‍්‍රභේද හමුවී ඇති නිසා එන්නත්කරණය පිළිබඳව පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම අනුවණ කි‍්‍රයාවක් බව එම සංගමයේ සහකාර ලේකම්, වෛi නවින් ද සොයිසා මහතා සඳහන් කළේය.
 
 මෙරට තුළ මේ වන විට පවත්වාගෙන යන සංචරණ සීමා මේ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා දැයි පවතින තත්ත්වය විශ්ලේෂණය කර තීරණයක් ගැනීමට රජය කි‍්‍රයාකළ යුතු බවද වෛiවරයා පැවසීය.
 
 රට පුරා සැලකිය යුතු පිරිසකට කුමන හෝ එන්නතක් ලබා දුන්නද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගෙන් මිදී කටයුතු කළහොත් නැවත විශාල ‘කොවිඞ් පොකුරු’ මතුවීමේ අවදානමක් පවතින බවද සඳහන් කළ වෛiවරයා මේ පිළිබඳව සෞඛ්‍ය අංශ ජනතාව සහ රජය ද නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතු බවද කියා සිටියේය.
 
 අවශ්‍ය මොහොතේ නිසි තීරණ ගැනීමට රජය අපොහොසත් වුවහොත් ලොව රටවල් බොහොමයකට අත්ව ඇති ඛේදනීය ඉරණමකට මෙරටට ද හිටිහැටියේ මුහුණ දීමට සිදුවිය හැකි බවද වෛi නවින් ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment