මාරාවේශයෙන් පස්සෙන් පන්නාගෙන ඇවිත් කෙස් වැටියෙන් අල්ලාගෙන සැමියා මල්කාන්තිගේ නළලට වෙඩිතබලා

1108

අම්මයි තාත්තයි අහිමි සි`ගිති දරු දෙදෙනා ආච්චි අම්මාගේ තුරුලට….

ඇඹිලිපිටිය පොලිස් වසමේ මහ රෝහල ආසන්නයේදී සැමියා විසින් තැබූ වෙඩි පහරකින් දෙදරු මවක් අවාසනාවන්ත ලෙස මිය යන ලදී.

ඇය අබේසිංහ කම්කානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති (35) නම් වූ දෙදරු මවකි. සැකකරු වීරසිංහ ආරච්චිගේ ධම්මික කුමාර හෙවත් අනුර (47) නමැති මල්ශාලා හිමිකරුවෙකි. මියගිය කාන්තාවගේ සොහොයුරා සැකකරුගේ මල්ශාලාවෙහි සේවය කළ අයෙකි. ඔහු ඔස්සේ සැකකරු එම කාන්තාව හ`දුනා ගන්නා අතර මොවුන්ගේ විවාහය සිදුවන්නේ මීට වසර පහකට පමණ පෙරය. එම දෙදෙනාම මීට ප‍්‍රථම වෙනත් විවාහ ජීවිත ගත කර එයින් වෙන්වූ අයයි.

සැකකරුට මීට ප‍්‍රථම විවාහයේ දරු දෙදෙනෙකු සිටින අතර විවාහ වී සිටි කාන්තාව සමග වරින්වර ඇතිවූ ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඇයව නීතියෙන් වෙන්කර නඩත්තු ගෙවමින් සිටී. මියගිය කාන්තාව‍ද පෙර සැමියාගෙන් වෙන්ව සිටි තැනැත්තියකි. මෙම දෙදෙනා අතර ද විවාහයෙන් පසුව වරින්වර අරවුල් ඇතිව තිබේ. ඒවා වඩාත් දරුණු තත්වයට පත්වූ අවස්ථාද තිබූ බව පොලීසිය පවසයි. එම පීඩා දරාගත නොහැකිව මෙම කාන්තාව ඇයගේ මව වෙත ගොස් රැ`දී සිටි අවස්ථාද වාර්තා වේ.

මාරාවේශයෙන් පස්සෙන් පන්නාගෙන ඇවිත් කෙස් වැටියෙන් අල්ලාගෙන සැමියා මල්කාන්තිගේ නළලට වෙඩිතබලා
මල්කාන්ති සැමියා සමග

ඒ අනුව පසුගිය 26 වැනිදා උදෑසන ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙකී කාන්තාව දරුවන් සමග ඇඹිලිපිටිය දර්ශනගම ප‍්‍රදේශයේ පිහිටි මවගේ නිවසට ගොස් ඇත. එලෙස යන අවස්ථාවේ තමා සතුව තිබූ ලියකියවිලි පවා ඇය රැුගෙන ගොස් ඇත. ඉන් පසුව සැකකරු විසින් දුරකතනයෙන් ඇයට තර්ජනය කළ බව සදහන් වේ. උඹ ආවේ නැත්නම් මරා දමනවා කියා තර්ජනය කර ඇත.

මේ නිසා එදින රාත‍්‍රී හතට පමණ ඇය තමන්ගේ සොහොයුරා සහ සොහොයුරාගේ බිරිඳ සමග සැකකරුගේ නිවස වෙත පැමිණ ඇත.

ඇය පැමිණෙන විට ද සැකකරු ඇයට තර්ජනය කළ බව සදහන්වේ. ඇයව නිවසේ නතරකොට ඇගේ සොහොයුරා බැහැරව යන අවස්ථාවේදී ඇය විසින් පවසා ඇත්තේ මල්ලී මාව මරා දමාවි මොහු සමග ජීවත් වන්න බැහැ යනුවෙනි. ඒ අවස්ථාවේ සැකකරුගෙන් දිගින් දිගටම එල්ලවූ තර්ජන හමුවේ මෙම කාන්තාව තම කුඩා දරුවාද රැගෙන නිවසින් පිටතට පැමිණ ඇත. නිවසේ සිට ඉදිරිපස මාර්ගයේ මීටර් 10ක් පමණ ගමන් කරද්දී සැකකරු ගිනි අවියක් රැගෙන වේගයෙන් පැමිණ ඇත. ඇගේ හිසකෙස්වලින් අල්ලාගෙන සැකකරු ඇයව තම මුහුණ දෙසට හරවාගෙන නළල පෙදෙසට වෙඩි තැබූ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඒ අවස්ථාවේ ඇගේ මොළයේ සහ හිසෙහි කොටස් මාර්ගයේ විසිරී යමින් ඇය ඇද වැටී ඇත.

මෙම බිහිසුණු සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ සොහොයුරා එම ස්ථානයට නුදුරින් ගමන් කරමින් සිට ඇති අතර වහාම දිව ආ ඔහු ඇයව ඇඹිලිපිටිය මහ රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විටත් මෙම කාන්තාව ජීවිතය හැරදා ගොස් තිබිණි.

මෙම සිදුවීම 26 දා රාත‍්‍රී 7.30ට පමණ ඇඹිලිපිටිය මහ රෝහල ආසන්නයේ දී 5 වන පටුමගෙහි සැකකරුගේ නිවස ඉදිරිපිට දී සිදුව ඇත. සිද්ධිය වූ අවස්ථාවේදීම මේ පිළිබද ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් මහතා වෙත තොරතුරු ලැබිණි. වහාම ක‍්‍රියාත්මක වූ නිරෝෂන් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳ විමර්ෂණ අරඹා තිබේ.

ඒ අවස්ථාව වන විට සැකකරු තම දරු දෙදෙනා සමග නිවසේ සැහැල්ලූ‍වෙන් රැදී සිටි බව පොලීසියට දක්නට ලැබී ඇත. අපරාධය සිදු කළ අවස්ථාවේ සැකකරු හැඳ සිටි ලේ තැවරුණු කමිසයක් හා අපරාධය සඳහා යොදාගත් නිවස ආසන්නයේ පාලූ‍ ඉඩමක සගවා තිබූ නීතිවිරෝධී බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියද පොලිසියට හසුවී ඇත. නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබූ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය සහිත තාක්ෂණික උපකරණ කට්ටලය කඩා බිඳ දමා තිබියදී සොයාගෙන ඇත.

ඉන් පසු අසල නිවෙස් වල සී. සී. ටී. වී. කැමරා පද්ධති වල රූප රාමුද පොලීසිය මගින් පරීක්ෂා කරමින් තිබේ. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (27) ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 5 වැනි දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් නියෝග කරන ලදී.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයද ඇඹිලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙයවීමෙන් 28 වන දින සිදු කිරීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධියෙන් අනාරක්ෂිත වූ කුඩා දරු දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පරිවාස වාර්තාවක් සමග මියගිය කාන්තාවගේ මවට භාරදීමට කටයුතු කරමින් තිබේ. ඒ අතර සැකකරුට මෙවන් ගිනි අවියක් ලැබුණේ කෙලෙසින්ද යන්න පොලීසිය වැඩිදුරටත් විමර්ෂණය කරමින් තිබේ.

සැකකරුට මිනිමැරීම, මිනීමැරීමට තැත් කිරීම, ඒ සඳහා සූක්ෂ්ම ලෙස ක‍්‍රියා කිරීම යටතේ කරුණු වාර්තාකර තිබෙන බව මෙම සිද්ධියේ ප‍්‍රධාන විමර්ශනය සිදු කරන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් මහතා පවසයි.

මෙම සිද්ධිය පිළිබඳ ප‍්‍රධාන විමර්ෂණය ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් අබේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවන අතර ඒ සඳහා උ.පො.ප. පේමරත්න, පො.සැ. 62113 පාලිත, පො.සැ. 19558 රණතුංග, 355087 තිලකසිරි, 38313 ජයවර්ධන, 13025 ගාමිණි හා පො. කො. වරුන් වන 89389 ගිහාන් යන නිලධාරීන් සිදු කරනු ලබයි.

ඕමල්පේ ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment