මාරියා නැවතත් Jaipur සහ Dhaka බලා යාත්‍රා කරයි

139

2022 වසරේදී අන්තර්ජාතික සිනමා උළෙලවල් රැසක්ම නියෝජනය කළ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් වන මාරියා සිංහල චිත්‍රපටය 2023 වසරේ දී ද සිය අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමේ ගමන අරඹයි.

ඉන්දියාවේ Jaipur අන්තර්ජාතික සිනමා උළෙල සහ බංග්ලාදේශය Dhaka අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ මාරියා වෘත්තාන්ත සිංහල චිත්‍රපටය ඉදිරියේදී තවත් සිනමා උළෙලවල් කිහිපයක් තරගකාරී අංශයෙන් නියෝජනය කිරීමට නියමිතය. මාරියා චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන, නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා, රංගන ශිල්පී හේමාල් රණසිංහ සහ තවත් මාරියා කණ්ඩායමේ සමාජිකයන් කිහිපදෙනෙකු ඊයේ (05 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment