මාලදිවයිනේ ඇණවුමක් අහිමි වෙලා – මේ උත්සව සමයේ රතිඤ්ඤා අලෙවියට සෙනසුරු දශාව

233

මෙවර උදාවන නත්තලට සහ අලුත් අවුරුද්දට රතිඤ්ඤා වෙළෙඳාම සියයට අසූවකින් පමණ අඩුවන ආකාරය පෙනෙන්නට ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

රතිඤ්ඤා නිෂ්පාදනයට අවශ්‍ය ඇලුමේනියම් පවුඩර් හිඟයක් ඇතැයි ද අවශ්‍ය වෙඩි බෙහෙත් කෝටාව පවා ඇතැම් දිනවල නොලැබෙන බව ද ඒ මහතා කීවේය.

වෙනදා රතිඤ්ඤා මිලදී ගැනීම සඳහා වෙළෙඳ සල් හිමියන් ගමට පැමිණියත් අද රතිඤ්ඤා ඉල්ලුම බොහෝ අඩුවී ඇතැයි ද දිනේෂ් ප්‍රනාන්දු මහතා කීවේය.

රතිඤ්ඤා මිල විශාල ලෙස ඉහළ යන නිසා ගැනුම්කරුවන් ඒවා මිලට ගනිවිදැයි කියා වෙළෙඳුන්ට සැක පහළවී තිබෙන බව ද රතිඤ්ඤා කර්මාන්තයෙන් දිවිගෙවූ විශාල පිරිසකගේ රැකියා අද අහිමිවී තිබෙන බවද දිනේෂ් මහතා කීවේය.

මෙවර උත්සව සමයට මල්වෙඩි සහ රතිඤ්ඤා නිෂ්පාදනය ද බෙහෙවින් අඩුවිය හැකි බව ද මාලදිවයිනෙන් නව වසරට ලැබෙන රතිඤ්ඤා ඇණවුම් මෙවර අහිමිවී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment