මාලදිවයින හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි එරට තරුණයෝ ඉල්ලති

361

මාලදිවයින හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත අත්අඩංගුවට ගන්නා ලෙස එරට තරුණයෝ ඉල්ලා සිටිති.ඔහු රට තුළ වෛරය සහ භීතිය ඇතිකිරීම සඳහා ජාතිවාදී න්‍යායපත්‍රයකට අනුව කටයුතු කළ බවත් බොහෝ රහස් ඇති පුද්ගලයකු බවත් පවසති.

 මේ සියල්ල ඇතිවූයේ හිටපු උප ජනාධිපති අහමඩ් අදීබ් සමඟ ඇතිවූ බල අරගලය නිසා බවද වාර්තා වේ. 2013 වසර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළවිට අබ්දුල්ලා යමීන් අහමඩ් අදීබ් සංචාරක ඇමැති බවට පත්කළේය. එම තීරණය ගැන යමීන්ගේ මාලදිවයිනේ ප්‍රගතිශීලී පක්‍ෂය (PPM) සාමාජිකයන් කලකිරීමට පත්වූ නමුත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න කිරීමට එඩිතර වූයේ නැත.

 ජනාධිපතිවරයා ලෙස අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ සංචාරය නිමවා ආපසු එමින් සිටියදී ඔවුන් පැමිණි බෝට්ටුවේ සිදුවූ හදිසි පිපිරීමකින් කිසිදු තුවාලයකින් තොරව දිවි ගලවාගත් අතර බිරිඳ ෆාතිමා සුළු තුවාල ලැබීය. මෙය යාන්ත්‍රික දෝෂයක් ලෙස මුලදී පැවසුවත් පසුව එය ජනාධිපතිවරයා ඝාතන තැතත් යැයි පවසමින් ප්‍රකාශය වෙනස් කර අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණි. බෝම්බ ප්‍රහාරය පිටුපස අදීබ් සිටින බව කටකථා පැතිරෙන්නට විය. මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මියගියහොත්, අකර්මණ්‍ය වුවහොත් හෝ ඉල්ලා අස්වුවහොත් උප ජනාධිපතිවරයා ජනාධිපති බවට පත්වේ. ඒ අනුව අහමඩ් අදීබ් චීනයේ නිල සංචාරයකට ගොස් ආපසු පැමිණෙද්දී ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

 බෝට්ටුවේ පිපිරීම බෝම්බයකට සම්බන්ධ කිරීමට විශ්වාසනීය සාක්‍ෂියක් නොමැති බව එෆ් බී අයි විමර්ශන කාර්යාංශය පවසා තිබුණද අබ්දුල්ලා යමීන් අදීබ්ගේ ආරක්‍ෂක ඇමැතිවරයා සහ පොලිස් කොමසාරිස්වරයා නෙරපා හැර ඔහුගේ ආධාරක පද්ධතිය අඩාළ කළේය. ඉන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමේ අයිතියද අහිමි විය. අදීබ්ට දූෂණ චෝදනා එල්ල කළේය. ඔහුගේ සමීප පුද්ගලයන් සිරගත කිරීමට උත්සාහ කළේය. මේ අනුව අබ්දුල්ලා යමීන් බල තණ්හාවෙන් පෙළුණු පුද්ගලයෙක් බව මාලදිවයන තරුණ පිරිස් චෝදනා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment