මාලබේ දරුවා මැරුණු හැටි

345

සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්,” කියූ දරුවා තණකොළ කපන පුද්ගලයාගේ තණ කොට කපන යන්ත්‍රයකට හසුව තුවාල ලබා මියයාම දෛවයේ සරදමක් වැනිය යැයි මාලබේ හල්බරාව ප්‍රදේශයේ දී මිය ගිය දරුවාගේ මරණ පරීක්ෂණය හමුවේ අනාවරණය වී තිබේ. මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක පස් හැවිරිදි දරුවකු කැපුම් තුවාල සහිතව මියගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.සැකකරු පාපොච්ඡාරණයේදී පවසා ඇත්තේ තමා තණකොළ කපන යන්ත්‍රය අලුත්වැඩියා කරන අතරවාරයේ එහි තලය වැදී දරුවා ඇදවැටුණු අතර බියට පත් තමන් දරුවා වීදුරු බෝතලයක කටු ඇනීමෙන් මියගිය බව හැඟවීමට ක්‍රියාකළ බවය.මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට ඉකුත් 08වැනිදා සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.වඩාත් හානි සිදුව තිබුණේ ඔහුගේ උදර ප්‍රදේශයටය.සිරුර ආසන්නයේ ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු අතර දරුවාගේ එක් සෙරෙප්පුවක් ද ඒ අසල තිබුණි.අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබෙන ආකාරය දක්නට ලැබුණි.මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය 08 වැනිදා රාත්‍රියේ සිදුකෙරුණු අතර මූලික විමර්ශනයේදී අනුමාන කෙරුණේ දරුවාට වීදුරු බෝතලයේ කටු ඇනී ඇති බවටය.අනතුරුව දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එදින රාත්‍රියේ ම මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය.දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවය.මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා ඊයේ උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණු අතර එහිදී දරුවාගේ උදරයේ වම් පස කොටස තියුණු ආයුධයකින් කැපී ඇති බව අනාවරණ වී ඇති බව වාර්තා විය.කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද (10) නිකුත් කිරීමට නියමිතය.මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනි.සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් පෙරේදා ඔහු වෙනත් ගමනක් ගොස් ඇත.සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත් දරුවා පවසා ඇත්තේ “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්, ලෙසිනි..

advertistmentadvertistment
advertistmentadvertistment