මාලිංගගේ අයි.පී.එල්. වාර්තාව බ‍්‍රාවෝ සමකරයි

424

ඉන්දීය පි‍්‍රමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියා වෙමින් ලසිත් මාලිංග තබා තිබූ වාර්තාව සම කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩෙ‍්‍රවින් බ‍්‍රාවෝ සමත්වී තිබේ. එ් පෙරේදා (26 වැනිදා* කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් පැවැති තරගයේදී කඩුලූ 3ක් බිඳ දමමින් අදාළ වාර්තාව සම කිරීමට බ‍්‍රාවෝ සමත්විය.

 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 152කට සහභාගි වෙමින් කඩුලූ 170ක් බිඳ දැමීමට ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග සමත්වී තිබිණි. එ් අනුව පෙරේදා සිය 122 වැනි ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගයට කී‍්‍රඩා කළ ඩෙ‍්‍රවින් බ‍්‍රාවෝ බිඳ දැමූ කඩුලූ 3ත් සමගින් මේ වනවිට සමස්ත කඩුලූ 170ක් බිඳ දැමීමට සමත් වී තිබේ.

 මේ අතර මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගය කඩුලූ 6කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

 පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම පන්දු වාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 131ක් ලබා ගැනීමට සමත්විය. ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 18.3කදී කඩුලූ 4ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment