මාලිගාතැන්නේ ගෑස් ළිපක් පුපුරයි

260

නුංගමුව පොලිස් වසමේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තිබූ ගෑස් සිලින්ඩරය සවිකර තිබූ ගෑස් ළිප 8 වැනිදා පස්වරු 04.00 ට පමණ පුපුරා ගොස් තිබේ.

පුපුරා යන අවස්ථාවේ ළිප දල්වා නොතිබූ බව නිවැසියන් පවසති. මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ නිවැසියන් කිසිවකුත් එහි සිට නැත. ගෑස් සිලින්ඩරයෙන් ඇතිවූ ගින්නෙන් මුළුතැන්ගෙයි තිබූ කුළුබඩු බෝතල් කිහිපයක්, ප්ලාස්ටික් රාක්කයක් සහ මේසයක් විනාශ වී ඇත.

සිද්ධිය සම්බන්ධව නිවෙස් හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර නුංගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment