මාලිම්බඩ කාන්තාව දූෂණයට අයෙක් සැකපිට අත්අඩංගුවට

453

මාලිම්බඩ පොලිස් වසමේ දම්පැල්ල ප්‍රදේශයේදී කාන්තාවක් දූෂණය කරන ලද පුද්ගලයෙකු 20 වෙනි දින උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි.

දූෂණයට ලක්වූ 57 වියැති මෙම කාන්තාව එක්දරු මවකි. දම්පැල්ල ප්‍රදේශයේ රබර් වතුයායක රබර් කිරි කැපීමේ රැකියාවේ නිරතව සිටියදී ඇයව දූෂණය කරනු ලැබූ පුද්ගලයා 40 වියැති විවාහක පුද්ගලයෙකි. සැකකරු එම ප්‍රදේශයේම කුරුඳු වතුයායක කුරුඳු කපමින් සිටි පුද්ගලයෙක් වන ඔහු කොස්ගොඩ ප්‍රදේශයේ සිට රැකියාව සඳහා දම්පැල්ල කුරුඳු වාඩියකට පැමිණ සිටි අයෙකි.

දූෂණයට ලක්වූ කාන්තාව රබර් කිරි කපමින් සිටියදී මෙම සැකකරු නිර්වස්ත්‍රව එම ස්ථානයට පැමිණ ඇයව දූෂණය කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සී. අලවත්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. උපුල් සමින්ද, උප පොලිස් පරීක්ෂක ජයතිලක, පොලිස් සැරයන්වරුන් වන 24666 සොයිසා, 55899 ජයවර්ධන, 63097 ජිනදාස, පොලිස් කොස්තාපල් කරුණානායක යන නිලධාරීන් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශනය කරමින් සැකකරුව කොස්ගොඩ සිටියදී පොලිස් අත්අඩංගුවට ගත්හ.

එම සිද්ධිය සිදුවූ ස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කරමින් විවිධ තොරතුරු ආශ්‍රිතව සැකකරුව හඳුනාගත් ඉහත පොලිස් කණ්ඩායම පොලිසිය මගහැර සිටි සැකකරුව කොස්ගොඩ පොලිස් වසමේ සිටියදී 20 වෙනි දින උදෑසන 7.00 ට පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබුණි. දූෂණයට ලක්වූ කාන්තාව මාතර මහ රෝහලට ඇතුළත් කරන ලද අතර සැකකරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment