මාලිමාව මැ.කො ළගට එනවාට අධිකරණය දුන් නියෝගය

1349

ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය. මෙම උද්ඝෝෂණයට එක්වන පිරිස මැතිවරණ කොමිසම අවට මාර්ග කිහිපයකට ඇතුළු වීම වලක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.ඒ අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment