මාලි ජනපති ඝාතන ප‍්‍රයත්නයෙන් බේරෙයි… සාහසිකයාගේ පිහිපාර වෙනත් අයකුට.

275

මාලි රාජ්‍යයේ භාරකාර ජනපති අස්සිම් ගොසිටා බමානෝ අගනුවර මුස්ලිම් පල්ලියකට පැමිණි අවස්ථාවේ සාහසිකයකු විසින් ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇත.
 
 ආගමික කටයුතු ඇමැති ඔමාඩොව් කෝනේ පැවසුවේ සාහසිකයා අල්ලාගත් බවයි. ජනපති ගොසිටාට එල්ල වූ පිහි පහර වෙනත් අයකුට වැදී ඇතැයි වාර්තා වේ. මෙම ඝාතන උත්සාහය ව්‍යර්ථ වූයේ ඉස්ලාම් දේව මෙහෙයක් ආරම්භ වූ අවස්ථාවේදීය. අල්ලාගත් සාහසිකයා ජිහාද් කි‍්‍රයාකාරිකයකු බව හෙළිවී ඇත. ආරංචි මාර්ග පැවසුවේ මෙම සාහසිකයා තවත් අයකු සමග මුස්ලිම් පල්ලියට පැමිණි බවයි.
 
 සංස්කරණය
 කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment