මාවතවැව සහ ගම්මැද්දේ පාරම්පරික කුඹුරු හදිසි මැනුම් කටයුත්තක් නිසා ගොවීහු කලබලයට

66

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විමසා දැනුවත් කරන්නම්
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 533 තිරප්පනේගම ග්‍රාම නිලධාරී වසමේ මාවතවැව සහ ගම්මැද්ද ප්‍රදේශවල පිහිටි දීර්ඝ කාලීන සහ පාරම්පරික කුඹුරු ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන හදිසි මැනුම් කටයුත්තක් හේතුවෙන් ඉඩම් අහිමිවේ යැයි බියෙන් ගොවීහු දැඩි කලබයට පත් වී සිටිති.

තිරප්පනේ මහවැව සහ මාවත වැව යටතේ වගා කරන කුඹුරු අක්කර 140 න් අක්කර 50 කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙම මැනුම් කටයුතු කර ඇති සීමාවන්ට අයත් වන බව ගොවීහු කියති. කුඹුරු ඉඩම්වලට ඉහළින් ඇති නාච්චාදූව වැව් රක්ෂිත‍ය මායිම් කිරීම ද, විදුලි වැටක් උදෙසා මායිම් කිරීම ද, එසේ නොමැති නම් සංචාරක කලාපයක් සඳහා ඉඩම් ලබා ගැනීමේ අරමුණින් මායිම් ලකුණු කරන්නේ ද යන්න ගොවීන්ට පැන නැගී ඇති ගැටලු කීපයකි. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරිය, වන ජීවී නිලධාරීන්, දේශපාලන අධිකාරිය සහ ගොවීන් අතර සාකච්ඡාවකට ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා පසුගිය දා කුඹුරු යායේ දී රැස්විය.

එහිදී වන ජීවී නිලධාරී සඳහන් කළේ මෙම මායිම් සලකුණු කිරීම යෝජිත විදුලිවැට ඉදිකිරීම සහ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී සඳහන් විය. පසුව මේ පිළිබඳ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.එස්.සාජිදාබානු මහත්මිය ගොවීන් අමතමින් කියා සිටියේ මේ පිළිබඳ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් කඩිනමින් තොරතුරු සොයා බලා නිලධාරී මට්ටමෙන් ගොවීන්ව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment