මාවනැල්ලේ තරුණයන් දෙදෙනා මරා වළ දැමූ සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට

412

යකඩ පොල්ලක් හා කඩු දෙකකුත් සොයා ගැනේ

මාවනැල්ලේ දී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා ඝාතනය කර රහසේ වළලා දැමූ ප්‍රධාන සැකකරු, දෙවැනි සැකකරු සහ අනුබල දුන් අයකු පුත්තලම ප්‍රදේශයේ දී කෑගල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ අංශය මගින් ඊයේ (19 දා) අත්අඩංගුවට ගෙන ඇති බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන, හුරීමලුව පදිංචි ප්‍රධාන සැකකරු වන මොහමඩ් නිසාර් මොහමඩ් පර්ගර්, රඹුක්කන හුරීමලුව ලබුකොටුව පදිංචි අබ්දුල් ලතිප් මොහමඩ් පාහිම්, මාවනැල්ල අංක 291/8 කෙරමිණිය පදිංචි මොහමඩ් රියාල් මොහමඩ් රිස්වි යන තිදෙනාය. පුත්තලම ප්‍රදේශයේ දී සැකකරුවන්ට නවාතැන් දුන් ගෙහිමියා සහ සැකකරුවන් ගෙන යෑම සඳහා පාවිච්චි කළ මෝටර් රථය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිද්ධිය වූ ස්ථානයට ගෙනවිත් සොයා බැලීමේදී ප්‍රධාන සැකකරුගේ පියාගේ වැසිකිළියක වහලය අස්සේ සඟවා තිබූ යකඩ පොල්ලක්, කඩු දෙකක් ද සැකකරුවන් විසින් පෙන්වා ඇත.

සිද්ධිය සම්බන්ධව සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසීය.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකර, උප පොලිස් පරීක්ෂක කසුන් විතාන ආරච්චි, සැරයන්වරුන් වන සුමිත් බණ්ඩාර (27226), අමරසිංහ, (27227), උපුල් බණ්ඩාර (39508), සංජීව (60416), කොස්තාපල්වරුන් වන කරුණානයක (66678), රෝෂාන් (69319), පො. රියැදුරු මහේෂ් (85316) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment