මාවනැල්ල ප්‍රාදේශීය සභාපති ඉවතට

115


සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිර කොබ්බෑකඩුව මහතා විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙදර පියතිස්ස මහතා එම තනතුරට පත්කර තිබේ.
සභාපතිවරයා කිසියම් වරදක් සිදුකර ඇතිදැයි කියා මාස තුනක් අතුළත පරීක්ෂණයක් පවත්වා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසද ආණ්ඩුකාරවරයා එම ගැසට් නිවේදනයෙන් සබරගමුව පළාත් සභාව වෙත දැනුම්දී ඇත.අදාල පරීක්ෂණය පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර මහතා පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment