මාවුස්සකැලේ පිරේ..වාන් දොරටු අරී

233


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට තවදුරටත් පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළියල මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03 අඟල් 04 බැගින් මේ වන විට විවෘත්ත කර ඇතැයි එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ ජලාශයේ වපසරිය අක්කර අඩි 95400 ක් පමණ වේ.
කැනියෝන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙනෙකි.
මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්නව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment