මාවුස්සාකැලේ සහ පොකුරු ජලාශවල වාන් දොරටු විවර කරයි

176

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අඟල් 03  බැගින් විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කැනියොන්, ලක්ෂපාන හා විමලසුරේන්ද්‍ර යන පොකුරු ජලාශවල වාන් දොරටුද විවෘත කර ඇත.

ජලවිදුලි බලාගාර ජලාශ පිටාර ගැලීමෙන් කැලණි ගෙඟ් ජල මට්ටම ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ නගිමින් පවතින නිසා ගෙඟ් ජලය පරිහරණය කරන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අධික වර්ෂාවත් සමග කාසල්රී ජලාශය ද පිටාර මට්ටමට ආසන්නව පවතී.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment