මාව අත්අඩංගුවට ගනනේපා- ජෙරොම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

485

මගේ ප්‍රකාශය නිසි ලෙස වටහා ගෙන නෑ

අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කැඩෙනවා

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ආගමික සහජීවනයට හානිවන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝෆර් ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ නාමල් කරුණාරත්න,නීතිඥ උදාර මොහින්දරම්ගේ යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. කේ. සේනාරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා,පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම් කර ඇත.

තමා විසින් කිසිදු ආකාරයෙන් රටට හානි වන ලෙස ප්‍රකාශයක් නොකළ බවත්, තමා කළ ප්‍රකාශය නිසි ලෙස වටහා නොගෙන කර ඇති ප්‍රකාශ අනුව තමා අත්අඩංගුවට ගතහොත් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment