මාව ගන්න එපා ජොනීගෙන්  රිට් පෙත්සමක්

166

පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමට ජනතාව පෙළඹීම ඇතුළු චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

පහරදීම හා දේපොළ අලාභහානි කිරීම සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවකු ලෙස තමන්ද නම්කොට ඇති බැවින් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව ජනමාධ්‍ය මගින් දැනගත් බවද නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා මගින් ගොනුකර ඇති එම පෙත්සමෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට පෙන්වාදී තිබිණි.

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරයේදී හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා සිය පක්‍ෂයේ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීන් සමග පැවැති ජනහමුවේදී අරගලකරුවන්ට පහරදීම සඳහා ජනතාව පොළඹවන ආකාරයෙන් අදහස් දැක්වූ බවට චෝදනා කරමින් එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීම ද යුක්ති සහගත නොවන බැවින් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරති. වළක්වන නියෝගය නිකුත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා ඇත.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර ඇති එම පෙත්සම සලකා බැලීම සඳහා අද (09 වැනිදා) පෙරවරුවේ අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයන් පිරිසක් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment