මාව මිනිස්සු හඳුනාගත්තේ නිරූපණයෙන්යුගාත්‍රාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

169

නිරූපිකාවක් ලෙස කරළියට ආ ඇය” මේ වනවිට රංගන ශිල්පිනියක්. නමින් ඉරේෂා අසංකි. ඇය අපට මේ දිනවල මුණගැසෙන්නේ චන්න පෙරේරා අධ්‍යක්‍ෂණය කරනු ලැබූ යුගාත්‍රා සිනමා නිර්මාණය හරහායි. ඒ ගැන ඉරේෂා සමග කතාබහකට අපි මේ විදිහට එකතු වුණා.

යුගාත්‍රා සිනමාපටයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරයක්ද?

යුගාත්‍රා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. විශේෂයෙන් අපේ රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

මට ඇත්තටම චන්න අයියා තමයි කතා කළේ. මම සතුටු වුණා චන්න අයියගෙ ආරාධනාවට. මොකද චන්න අයියා මෙච්චර කල් කරපු චිත්‍රපට අතිශය සාර්ථක වෙලා තිබෙනවා.

මාව මිනිස්සු හඳුනාගත්තේ නිරූපණයෙන්යුගාත්‍රාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

චිත්‍රපටයකින් දකින්න ලැබෙන්නෙ දිගු කාලයකට පස්සෙ?

මගේ පළමු වැනි චිත්‍රපටය රෂ්. ඒ චිත්‍රපටය කරලා ඉවුර වුණ ගමන් තමයි යුගාත්‍රා චිත්‍රපටය භාර ගත්තේ.

ඉරේෂා වැඩිපුර කැමැති සිනමාවටද?

ඇත්තටම මම කැමැති සිනමාවට.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

මම ටෙලි නාට්‍යවල රඟපාන්න ලොකු කැමැත්තක් දක්වන්නේ නැති වුණාට අදටත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. මම කලින් ටෙලි නාට්‍යවල රඟපාලත් තියෙනවා. අනික ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියලත් නැහැ. හැබැයි වැඩිපුර කැමැති සිනමාවට.

මාව මිනිස්සු හඳුනාගත්තේ නිරූපණයෙන්යුගාත්‍රාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

මේ දිනවල මොකද වෙන්නේ?

මම කොහොමටත් නිරූපණ කටයුතුවල නියැළී ඉන්නවා. චන්න අයියගේ චිත්‍රපටයෙන් පස්සෙ මම කිතලෝ කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකෙත් වැඩ සියල්ල අවසන්. තව මැයි මාසයේ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

රඟපෑමට ආවට නිරූපණය අතහැරියේ නැහැ?

නිරූපණයට අනිවාර්යයෙන්ම කැමැතියි. නිරූපණයෙන් තමයි මට මේ සියලු දේ ලැබුණේ. ඒක තමයි මගේ මේ ආරම්භය. මම කවදාවත් මුල අමතක කරන්නේ නැහැ. මොන ජනප්‍රියත්වය ලැබුණත් නිරූපණයෙන් ඈත්වෙන්නේ නැහැ.

ලංකාවේ නිරූපිකාවන්ට මිනිස්සු විවිධ කතා කියනවා?

නිරූපිකාවක් ගැන වැරදි මතයක් ඇත්තේ නිතරම ඔවුන් අඟපසඟ පෙනෙන්න අඳින නිසා වෙන්න ඇති. මේක ඇවිල්ලා ෆැෂන් නේ. නිරූපණයේදී ඇඳුම්වලට අපිට සීමාවක් දාන්න බැහැ. ඒක සමහර වෙලාවට කෙනෙක් වැරදියට ගන්න පුළුවන්. නිරූපණ ක්‍ෂේත්‍රයේ එහෙම බයවෙන්න කිසිම දෙයක් නැහැ. කියන තරම් යකා කළු නැහැ වගේ මේ ක්‍ෂේත්‍රයේ කියන තරම් වැරදි දේවල් නැහැ.

ඔබට බලපෑම්, අයුතු යෝජනා ඇවිත් තියෙනවාද?

නැත්තේ නැහැ. ඇවිත් තියෙනවා.

ඉරේෂා සැර පරුෂ චරිතයක්?

ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම හුඟක් වසයි කියලා. මම මනුස්සයකුට එහෙම නිකරුණේ කෑගහන බණින චරිතයක් නෙවෙයි. මම උසට ඉන්නකොට ගොඩක් අය හිතනවා ‘අම්මෝ මෙයා උසට උසේ වසයි ද දන්නේ නැහැ’ කියලා. ගොඩක්ම හොඳ වුණොත් මිනිස්සු වෙන වෙන දේවල්වලටත් එන්න පුළුවන්නේ. ඒක හින්දා මිනිස්සු අතේ දුරින් තියාගෙන ඉන්න වන අවස්ථා තියෙනවා.

ඔබව මිනිස්සු අඳුරගත්තේ නිරූපණයෙන්ද? රංගනයෙන්ද?

මාව මිනිස්සු අඳුරගත්තේ නිරූපණයෙන්. නිරූපණය පවතින්නේ සීමිත පිරිසක් අතරයි. විශේෂයෙන් කිව්වොත් කොළඹ පිරිස විතරයි, ග්‍රාමීය පිරිස දන්නේ නැති තරම්. නිරූපිකාවකට වඩා රංගන ශිල්පිනියකට මිනිස්සු අතරට යන්න තියෙන ඉඩකඩ වැඩියි.

රංගනයේදී සීමා මායිම් තියෙනවාද?

රංගනයේදී අනිවාර්යෙන්ම සීමා මායිම් තියෙනවා. නිරූපණයේදී අපි කරන්නේ පිරිසක් මැද්දේ ඇඳුම් අඳින එක විතරයිනේ. හැබැයි රංගනයේදී එහෙම නොවෙයි. විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව උදාවෙනවා. සමහර වෙලාවට වැඩිහිටියන්ට පමණයි වගේ චිත්‍රපට ලැබෙන්න පුළුවන්. ඉතිං මගේ ලොකුම සීමාව ඒ වගේ චිත්‍රපටවලට මම මොනම හේතුවක් නිසාවත් සම්බන්ධ වෙන්නේ නැහැ කියන එකයි.

නිරූපණ පාසලක් පටන් ගන්න කැමැත්තක් නැතිද?

නිරූපණ පාසල් කියන එක දැන් රැල්ලට ගිහිල්ලා. හැමෝම වගේ කරනවා. අද ඊයේ ආපු අයත් නිරූපණ පාසල් ආරම්භ කරලා. සමහර වෙලාවට ඔවුන්ව අපි දන්නේ නැහැ නිරූපිකාවන් කියලා. මම මොඩ්ලින් ක්‍ෂේත්‍රයේ අවුරුදු දහයක්. කවදාවත් රෑම්ප් එකකවත් දැකපු නැති අය නිරූපණ පාසල් පටන් අරගෙන. අනික මම ඒක කරන්නේ නැහැ. දැන් නිරූපණ ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය බැහැලා තියෙන්නේ.

ආදරය ගැන තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ආදරය කියන දේ අපේ ජීවිතයට තියෙන්න ඕනෑ. මේ වෙද්දි මට පෙම්වතෙක් නැහැ. මගේ තිබුණු සම්බන්ධතාව නතර වුණා. හැබැයි නිතර යෝජනා එනවා.

ඒ වෙලාවට මොනවද දෙන උත්තර?

මට ආපු ආදර යෝජනාවන් අතර මට ගැළපෙන කෙනා හිටියේ නැහැ. අන්තිමට මගේ තිබුණු සම්බන්ධයත් එක්ක මට එහෙම කෙනෙක් දැනුනෙත් නැහැ. විශේෂයෙන් යාළුවෝ තමයි ගොඩක් යෝජනා ගෙන එන්නේ. ඉතින් මෑත කාලයේ මම එහෙම කෙනෙක්ව දැනුණේ නැහැ.

දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැහැ?

බොරු කියන්න ඕනෑ නැහැනේ. මම නම් විවාහය කියන දේට හරි බයයි. මොකද අද කසාද බැඳිනවා, හෙට දික්කසාද වෙනවා. සමහරු කසාද බැඳලා මාස දෙක තුනකට වැඩිය එකට ජීවත් වෙන්නේ නැහැ, වෙන් වෙනවා. ඒවා දැක්කහම හරි බයයි. මගේ වටේ ඉන්න යාළුවන් පවා අද විවාහ වෙලා හෙට ඩිවෝස් වෙච්ච කට්ටිය ඉන්නේ. ඉතිං ඔවුන් කියන කතා ඇහුවම හරි බයයි. ඒ හින්දා කලබල වෙන්නේ නැතිව පොඩ්ඩක් බලාගෙන ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප : භෑඞඹී – NEXUS PHOTOGRAPHY

advertistmentadvertistment
advertistmentadvertistment