මාසයකදී පාතාල ඝාතන 13ක්

236

ගත වූ මාසයක කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 13 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පාතාල මර්දන මෙහෙයුම් අඩපණ වීම සහ පොලිසිය වෙනත් රාජකාරි සඳහා යෙදවීම මෙම පාතාල මිනිස් ඝාතන ඉහළ යෑමට ප්‍රධානම හේතුව වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.මෙම ඝාතන 13 න් 11 ක්ම බස්නාහිර පළාතේ සිදු වී ඇත. ඝාතන සියල්ලම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මත සිදු වූ ඒවා බව ද පොලිසිය පවසයි.
ඉකුත් මැයි 30 වැනිදා පිටකොටුව නගර මධ්‍යයේදී සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයකු ඝාතනයට ලක්වූ අතර එතැන් සිට පානදුර, බණ්ඩාරගම, වත්තල, කිරිබත්ගොඩ, මොරටුව, මෝදර, කොලොන්නාව, වැලිගම, තංගල්ල ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරවලින් මෙම මිනිස් ඝාතන සිදු විය.

පාතාල මර්දනය කිරීම සඳහා යොදවා තිබූ කොළඹ, පෑලියගොඩ, මිරිහාන, කළුතර අපරාධ කොට්ඨාසවල නිලධාරීන් දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබීම් සම්බන්ධයෙන් විමර්ශන සඳහා යොදවා තිබිණි.ඊට අමතරව පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් විරෝධතා මර්දනයට, දේශපාලනඥයන්ගේ ආරක්ෂාව යෙදවීම නිසා පාතාල මර්දනයට පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බව පොලිසිය පවසයි.මේ හේතුව නිසා පාතාල ලෝකය නැවත හිස ඔසවා අති බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment