මාස්ක් අනිවාර්යය නැතත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න

132

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

තවමත් මෙරටින් දිනකට කොවිඩ් රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බැවින් මුඛ ආවරණ පැළදීම අනිවාර්යය නොවුණත් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.රටේ කොවිඩ් වසංගතයක් පැවතුනු බව මේ වනවිට ජනතාවට අමතක වී ගොස් ඇතැයිද ඒ මහතා කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතාකළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේද කීය.කොවිඩ් තාම ලෝකයෙන්ම තුරන් වෙලා නැහැ. තවමත් අනෙකුත් රටවල් වලින් කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම කොවිඩ් මරණත් වාර්තා වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ රටෙනුත් කොවිඩ් රෝගීන් තාමත් වාර්තා වෙනවා. සමහර අයට කොවිඩ් ගැන දැන් මතකවත් නැහැ. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අමතක කර දමමින් සමාජයේ කටයුතු කරන ආකාරයක් දකින්නට තිබෙනවා.මේ නිසා මුඛ ආවරණය පැළදීම අනිවාර්ය නැතිවුණත් දෑත් සබන් යොදා තප්පර 20 ක් සේදීම, මීටරයක පරතරය තබාගෙන වැඩකටයුතු කිරීම කියන මේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කිරීම ඉතා වැදගත්. ඒ විදිහට කටයුතු කළොත් හැමදෙනාටම කොවිඩ් වලින් ආරක්‍ෂා වෙන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment