මාස්ක් නැතිව කෑම හැදූ හෝටල් සේවකයෝ රිමාන්ඞ්

485

පොලිසිය විසින් මෙයට පෙර දෙවතාවක්ම කරන ලද අවවාද නොසලකා හැර නිරෝධායන සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් මුව ආවරණ සහ අත් වැසුම් නොමැතිව කෙටි ආහාර සාදමින් සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හෝටල් සේවකයන් දෙදෙනකු 19 දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය පෙරේදා (10 දා) නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල දෙවට ප‍්‍රදේශයේ හෝටලයක සේවය කරන ජමාල් අබ්දුල් මලාඞ් මෙහොමඞ් පිරිදවුස් (39) සහ මොහොමඞ් අරූස් මොහොමඞ් ජමිල් (30)  නමැති සේවකයන් දෙදෙනෙකි.

වරාය පොලිසියේ පො.ප. රොහාන් ආලෝක, කොස්තාපල් චතුරංග (82537), කා.සැ. වසන්ති (1362) යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment