මාස්ක් නැතිව පාරේ ගියාට රු. 5000ක දඩයක්

1035

මුව ආවරණ නොමැතිව මහා මාර්ගයේ ගමන් කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් 5000ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය විසින් 07 වැනිදා නියම කරන ලදී.

අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියක් මත අධිකරණය හමුවේ පෙනී සිටි නිහාල් සමරතුංග නමැති අයකුට මෙසේ දඩ නියම විය. දිවුලපිටිය පොලිසිය මගින් විත්තිකරුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment