‘මාස්ටර් බ්ලාස්ටර්’ට  අලුත් තනතුරක්

165

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබේ.

 ලෝකයේ බොහෝ රටවල් අදටත් ශ්‍රී ලංකාව සනත් ජයසූරියගේ රට ලෙස හඳුන්වන බවත් එහෙයින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට සහ සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට මෙම තීන්දුව ගත් බවත් සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටී.

 සනත් ජයසූරියට අදාළ තනතුරු නිල වශයෙන් පිරිනැමීම සඳහා පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 මෙම අවස්ථාවට සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ද සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment