මාස්ටර් මැජික්ගේ අමුතු මැජික් හිරගෙදර දොර අරී

665

‘පුතේ ඔයාලත් ආසද මගේ මැජික් ඉගෙන ගන්න. මේවා මං හැමෝටම උගන්වන්නෙ නැහැ. ඔයාලා මේක ගොඩක් ආස නිසා මං කියල දෙන්නම්.

 කුමාරදාස් එයාගේ මැජික් පන්තියට එන්න ඔය විදිහට ළමයි බඳව ගත්තා. කුමාරදාස් කියන්නේ මීගමුව පැත්තේ බොහොම ප‍්‍රසිද්ධ මැජික්කාරයෙක්. මෙයා මාස්ටර් මැජික් කියල තමයි මීගමුව පැත්තෙ ප‍්‍රසිද්ධ වෙලා හිටියේ.

 මාස්ටර් මැජික් මීගමුව පැත්තේ ඉස්කෝලවල ළමයින්ට විවිධ මැජික් සංදර්ශන පැවැත්වූවා. පාසල්වල තියෙන බොහොම උත්සවවලදී මාස්ටර් මැජික් සංදර්ශන අනිවාර්ය අංගයක් වුණා.

 මැජික්වලට ආශා කරන පුංචි දරුවෝ හත් අටදෙනක්ම මේ මාස්ටර් මැජික් හම්බවෙලා මැජික් ඉගෙන ගන්න අවස්ථාව ඉල්ලූවා.

 අන්තිමේදී මාස්ටර් මැජික් එයාගේ ගෙදර තියෙන මැජික් පන්තිවලට මේ පුංචි දරුවෝ ටික ඇතුළත් කර ගත්තා.

 පවනුයි සලිඳුයි දෙන්නා හොඳ යාළුවෝ. මේ දෙන්නා අධ්‍යාපනය ලබන්නෙ මීගමුව පැත්තේ ප‍්‍රධාන පෙළේ පාසලක. මාස්ටර් මැජික්ගේ මැජික් දැකලා මේ දෙන්නා හොල්මන් වෙලා හිටියේ.

 මං නම් කොහොම හරි මේ මැජික් කරන හැටි ඉගෙන ගන්නවා. මං අම්මගෙනුත් අවසර ගත්තා. අපි හෙට ඉඳලම යමු මාස්ටර්ගේ ගෙදර. එයා අපට මැජික් උගන්වයි පවන් එයාගේ හොඳම යාළුවා සලිඳුට කිව්වා.

 මේ දෙන්නා පසුගිය දවසක මීගමුව පැත්තේ තියෙන මාස්ටර් මැජික්ගේ ගෙදරට ගියා. මැජික් පන්ති තියෙනවා කිව්වට වෙන ළමයි කවුරුත් ඇවිත් හිටියේ නැහැ. මැජික් පන්තියට කවුරුත් නැහැනෙ අපි දෙන්න විතරයි ඉන්නේ. පවනුයි සලිඳුයි දෙගඩියාවෙන් වගේ මාස්ටර් මැජික්ගේ නිවසට ඇතුළු වුණා. ඒ වෙලාවේ මේ නිවසේ හිටියේ මාස්ටර් මැජික් විතරයි. එයා පුංචි දරුවෝ දෙන්නා බොහොම උණුසුම් අන්දමින් පිළිගත්තා. එන්න පුතේ ඔයාලා ආව එක කොයිතරම් හොඳයිද? මං මග බල බලා හිටියේ එනකල්. එහෙම කියපු මාස්ටර් මැජික් පවනුයි සලිඳුටයි කන්න බොන්න දීලා සංග‍්‍රහ කළා.

 ටික වේලාවකට පස්සේ මාස්ටර් මැජික් පුංචි උන් දෙන්නට මැජික් පාඩම් කියල දෙන්න පටන් ගත්තා. මැජික් කියලා දෙන එක පැත්තක තියලා මාස්ටර් පොඩි උන් දෙන්නට වෙන වෙන මැජික් පෙන්වනවා. පුංචි කොල්ලො දෙන්නම අනවශ්‍ය විදිහට ස්පර්ශ කරන්නයි උන්ට වෙන වෙන කුණුහරුප මැජික් පෙන්වන්නයි මාස්ටර් පටන් ගත්තා. පවනුයි සලිඳුයි දැන් හොඳටම බයවෙලා. පුංචි උන් දෙන්නට කර කියා ගන්න දෙයක් නැහැ. මාස්ටර් මැජික්ගේ කුණු වැඩවලට ඉඩදීලා උන්දෙන්නා මොකුත් නොවුණ විදිහට හිටියා.

 මට ලොකු බලයක් තියෙනවා ඕගොල්ලෝ දන්නවනේ. ඒ නිසා අද වෙච්ච දේවල් කාටවත් කියන්න බැහැ. එහෙම වුණොත් මං මගේ බලේ පාවිච්චි කරලා ඔය දෙන්නට හොඳ වැඩක් කරනවා. හෙටත් මේ වේලාවටම මෙහෙ එන්න ඕන. මාස්ටර් මැජික් පුංචි උන් දෙන්නව තමන්ගේ පහත් පෙළේ ආශාවන් සන්තර්පනය කරන්න පාවිච්චි කළා. ඒ දෙන්නට හොඳට බය කරලා

 ගෙදර යැව්වේ පහුවදාටත් ඒ වෙලාවට එන්න කියලා.

 තමන්ට සිද්ධවෙච්ච අකරතැබ්බය ගැන කාටවත් නොකියා ඉන්න පුංචි උන් දෙන්නා වගබලා ගත්තා. පහුවදාත් මේ විදිහටම ඒ දරුවෝ දෙන්නා මාස්ටර් මැජික්ගේ පහත් ආශාවන් සපුරා ගන්න පාවිච්චි කළා. ඔය විදිහට සෑහෙන දවසක් මේ දරුවෝ දෙන්නා මාස්ටර් මැජික් විවිධ අපචාර වැඩවලට පාවිච්චි කළා.

 දරුවෝ දෙන්නගෙ වෙනස්වීම ගැන ඒ ගොල්ලන්ගෙ ඉස්කෝලේ ගුරුවරුයි විදුහල්පතිතුමයි හොඳ අවධානයකින් හිටියේ.

 අන්තිමේදී දරුවෝ දෙන්නගෙන් ගුරුවරු මේ

 ගැන ප‍්‍රශ්න කළා. එතකොට තමයි පුංචි උන්දෙන්නා හැඬු කඳුළෙන් කිව්වේ මාස ගණනක් තිස්සේ තමන්ට විඳින්න සිද්ධවෙලා තියෙන මේ ලිංගික වධ හිංසා ගැන.

 අන්තිමේදී විදුහල්පතිතුමයි ගුරුවරුයි මේ ගැන ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිලි කළා. එතන නිලධාරීන් පිරිසක් විමර්ශන පවත්වලා මාස්ටර් මැජික්ව අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කරලා මාස්ටර් මැජික් බන්ධනාගාර ගත කළා. පුංචි උන්ට මැජික් පන්ති තියනවා කියලා උන්ව අමාරුවේ දැමීම මාස්ටර් මැජික්ගේ මේ කතාව ‘දිවයින’ට කිව්වේ මීගමුව මාධ්‍යවේදී විමල් කීර්ති මහතායි.

 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment