මාස් කන්නයේ වී අස්වැන්න බුසල් මිලියන 5.5 කින් පහළ යනවා

311

මාස් කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්න බුසල් මිලියන 5.5 කින් පමණ පහළ යනු ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. රසායනික පොහොර කෘෂි රසායන හිඟය සහ කාබනික පොහොර නැනෝ නයිට‍්‍රජන් ප‍්‍රමාණවත් ලෙස නොලැබීම වී අස්වැන්න පහළ යෑමට බලපෑ බව ඔහු පැවැසීය.

අක්කර අටලක්‍ෂ තිස් දහසක මාස් කන්නයේ මහා වාරි කලාප, මහවැලි කලාප සහ ගොවිජන සේවා කලාපවල වී වගා කෙරේ. අපේක්‍ෂිත අස්වැන්න වී බුසල් මිලියන 914 ක් පමණ බව ඔහු පැවැසීය. පැවැති අර්බුද, වැසි ප‍්‍රමාදය හේතුවෙන් ගොවිජන සේවා කලාපවල සුළු වැව් සහ අමුණු යටතේ අක්කර ලක්‍ෂ 05 ක පමණ මෙතෙක් වී වගාව ආරම්භ කර නොමැති බවද සභාපතිවරයා පැවැසීය. පෙර මාස් කන්නවලදී ලැබුණ අස්වැන්න මෙරට මාස 08ක් සදහා සහල් පරිභෝජනයට ප‍්‍රමාණවත් වූ බවත්, මෙම මාස් කන්නයේ අපේක්‍ෂිත අස්වැන්න වී බුසල් මිලියන 300 ක් පමණ වනු ඇති බවද පැවැසීය. අක්කරයකින් සාමාන්‍යයෙන් වී බුසල්

110 ක් අපේක්‍ෂා කරති. රසායනික පොහොර කෘමිනාශක හිඟයෙන් මෙම මාස් කන්නයේ අක්කරයකින් වී බුසල් 35 ක 40 ක උපරිමයක් ලබාගත හැකි වනු ඇති බවද ඔහු පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment