මාස එකහමාරකදී දරුවන්ගේ නිල් වීඩියෝ 17629 ක් අන්තර්ජාලයට

1342

ගතවූ මාස එකහමාරක කාලසීමාවේ කුඩා දරුවන් යොදාගෙන සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් 17,629 ක් සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යංශය එම මුදාහැරීම් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඊයේ (29 දා* සිට ආරම්භ කර ඇත.
 
 පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ඉකුත් ජුනි මස 17 වැනිදා සිට ජූලි මස 28 වැනිදා අතර කාලසීමාවේදී පමණක් විවිධ පුද්ගලයන් විසින් මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප අන්තර්ජාල වෙත මුදාහැරීම් 17,629 ක් සිදුකර ඇති බවය. එම මුදාහැරීම් සිදුකළ පුද්ගලයන්ගෙන් වැඩි පරිසක් මේ වනවිට හඳුනාගෙන සිටින බවයි.
 
 කුඩා දරුවන් යොදාගෙන සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප අන්තර්ජාලය වෙත මුදාහරින සැනින් ඒවා මුදාහරින පුද්ගලයන් හඳුනාගැනීමට හැකි ක‍්‍රමවේදයක් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව පැවසූ අජිත් රෝහණ මහතා මෙම අපරාධයන් සිදුකරන පුද්ගලයන් ඒ මොහොතේම සොයා ගැනීමට හැකියාව ඇති බව ද කියා සිටියේය.
 
 පරිගණක යන්ත‍්‍ර ටැබ්, ජංගම දුරකථන, ලැප්ටොප් යොදාගෙන කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡුායාරූප අන්තර්ජාලය වෙත මොවුන් මුදාහරින බවද මේ වනවිට පොලිසිය හෙළිකර ගෙන ඇත.
 
 අන්තර්ජාලයට මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන මුදාහරින පුද්ගලයන් හඳුනාගැනීමේ විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් ජුනි මස 17 වැනිදාය.
 
 මෙම අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන කුඩා දරුවන් අසභ්‍ය දර්ශනවලට යොදාගෙන එම වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැර ප‍්‍රසිද්ධ කිරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
 
 මේ අතර කුඩා දරුවන්ගේ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡුායාරූප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගන්නා පුද්ගලයන්ට එරෙහිව ද දැඩි ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment