මාස තුනකට පසු රාජ්‍ය සේවය අද සිට යළි වැඩ අල්ලයි

381

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාස තුනකුත් දින තුනක කාලයක් තිස්සේ අඩපණව තිබූ රාජ්‍ය සේවයේ කටයුතු අද (02 වැනිදා) සිට නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ වේ.

මෙරට කොරෝනා තුන්වැනි රැුල්ල හෙවත් අලූත් අවුරුදු පොකුරේ ව්‍යාප්තියත් සම`ග ඉකුත් අපේ‍්‍රල් මස 27 වැනිදා සිට අවශ්‍යතාව මත රාජ්‍ය සේවකයන් සේවයට කැ`දවීමේ බලය ආයතන ප‍්‍රධානීන්ට පවරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා විසින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරනු ලැබිණි.

ඒ අනුව රාජ්‍ය සේවකයන් මසකට දින අටක් වන සේ සේවයට කැ`දවීමට ආයතන ප‍්‍රධානීන්ට බලය පැවරුණු අතර අවශ්‍යතාව මත සතියට දින තුනක් සේවයට කැ`දවීමටද එම`ගින් අවස්ථාව දෙන ලැබීය.

පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැනුම්දීමකට අනුව රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන් සේවයට කැ`දවීමද සම්පූර්ණයෙන් නතර කෙරුණු අතර දිනෙන් දින උග‍්‍ර වූ දැඩි වසංගත තත්ත්වයෙන් ගැබිනි මාතාවන් තර්ජනයට ලක්වීම එයට හේතු විය.මේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කළ ආයතන හැරෙන්නට අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි කටයුතු අඩපණවීමක් සිදුව තිබිණි.

කෙසේ වෙතත් රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව මේ වන විට විශාල පිරිසකට එන්නත් ලබාදීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවය යථාවත් කිරීම රජය ගත් තීරණයට අනුව අද සිට රාජ්‍ය සේවයේ කටයුතු යළි සාමාන්‍ය පරිදි පැවැත්වේ.

සමන් ගමගේ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment