මාස තුනකට මුදල් වෙන්කර මාස හයකට ගේන අයවැයක්

86

වත්මන් රජයේ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෙන එනු ලබන සිය මංගල අයවැය ලබන වසරේ මාස 06ක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන්නක් බවත් ඒ අනුව මුදල් වෙන් කිරීම් කරනුයේ මාස 03ක කාලයක් සඳහා බවත් විපක්ෂයට දැනගන්ට ලැබී ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ ආණ්ඩුවට මුදල් ආදායම් නොමැතිවීම යැයි කී මන්ත‍්‍රීවරයා යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් මිලියන 2000කට පමණ උපයන්න වූ ආදායම මේ වනවිට වත්මන් ආණ්ඩුව විශාල වශයෙන් අඩුකරගෙන ඇතැයි ද සඳහන් කළේය.

ආණ්ඩුව මේ වනවිට රුපියල් මෙන්ම ඩොලර් ද හිඟ බැවින් ලබන වසරේ ආදායම් හෝ වියදම් පිළිබඳ තීරණය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද පැවසීය.

එබැවින් මාස 06කට පමණක් වලංගුවන පරිදි අයවැයක් ගෙන එන බවට මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන බව ද ඒ මහතා කීවේය.

ආණ්ඩුව පළමු අයවැය තුළින්ම වැට් බද්ද අඩුකොට ව්‍යාවසායකයින්ට දුන් සහන හේතුවෙන් මසකට රුපියල් මිලියන 800ක් පමණ අඩුකර ගැනීමේ දුර්විපාක මේ වනවිටත් අත්විඳීමට සිදුව ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment