මාස තුනට අලුත් ඒඩ්ස් රෝගීහු 207ක් – මරණ 13ක්

210

මෙම වසරේ (2024) පළමු මාස තුනේදී එච්. අයි. වී. ආසාදිත රෝගීන් 207 දෙනකු අලුතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

එසේම මෙම කාලයේදී ඒඩ්ස් වැළඳුණු රෝගීන් 13 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ද එම ව්‍යාපාරය පවසයි.

මෙම වසරේ පළමු කාර්තුවේ හඳුනාගත් රෝගීන් අතර වයස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන තරුණයන් 23 දෙනකු ද, තරුණියන් පස්දෙනකු ද සිටින බවද එම ව්‍යාපාරය කියයි. පසුගිය වසරේ (2023) පළමු කාර්තුවේදී එච්. අයි. වී. ආසාදිත රෝගීන් 165 දෙනකු ද, දෙවැනි කාර්තුවේදී රෝගීන් 181 දෙනකු ද, තුන්වැනි කාර්තුවේදී රෝගීන් 139 දෙනකු ද, හතරවැනි කාර්තුවේදී රෝගීන් 209 දෙනකු ද හඳුනාගෙන ඇතැයි ද එම ව්‍යාපාරය කියයි.

එච්. අයි. වී. ආසාදිතයන් බවට පත්වීමට මූලිකවම බලපා ඇත්තේ අනාරක්‍ෂිතව ලිංගිකව එක්වීම බවත් එම ව්‍යාපාරය පවසයි.

එච්. අයි. වී. ඒඩ්ස් වලින් මිදීමට විශේෂයෙන් පිරිමි පාර්ශ්ව කොන්ඩමයක් පැළඳීම සුදුසු බවද එම ව්‍යාපාරය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment