මාස දහයට ලාදුරු රෝගීන් 1016 ක්

115

පසුගිය කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නව පැවැති කාලයේ ලාදුරු රෝගය සඳහා පවත්වන පරීක්‍ෂණ නිසියාකාරව ඉටුකර ගැනීමට නොහැකිවීම මත ඉකුත් මාස දහයක කාලය තුළ ලාදුරු රෝගීන් එක්දහස් දහසය දෙනෙකු මෙරටින් වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

සමේ පැහැයට අඩු ලප කැළැල් හෝ අතපයේ හිරිවැටීම් ලාදුරු රෝගයේ රෝග ලක්‍ෂණ විය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව පවසන වෛද්‍ය ප්‍රසාද් මහතා එවැනි ලක්‍ෂණ ඇත්නම් වහාම පිළිගත් වෛද්‍යරයකු හමුවිය යුතු බවත් පවසයි.

මෙයට වසර 40කට පමණ පෙර ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර නොතිබුණු අතර රෝගීන් නිරෝධායනය කොට විවිධ විවිධ ක්‍රම මගින් රෝගය සුවකර ගැනීමට පිළියම් යොදා තිබුණි. කෙසේ වෙතත් 1980න් පසු පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් ලාදුරු රෝගය සුවකළ හැකි රෝගයක් බවට පත්වී ඇති බැවින් ආසාදිත තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය පියවර ගන්න ලෙස වෛද්‍ය ප්‍රසාද් මහතා සඳහන් කරයි. 2020 වසරේ සිට මේ දක්වා ලාදුරු

රෝගීන් හතළිස් දහසක් පමණ මෙරටින් වාර්තා වී තිබේ.

2019 වසරේ 1036 හා 2022 වසරේ 1016 ක් වාර්තාවී ඇත. 2019 වසරේ වාර්තාවූ රෝගීන්ගෙන් 7% ක් පාසල් දරුවන්ය. එය මේ වනවිට සියයට 14% ක් දක්වා වර්ධනය වී ඇතැයිද වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

මෙම රෝගීන්ගෙන් 80%ක්ම අධික ගණත්වයෙන් යුත් ප්‍රදේශවල ජීවත් වීම හා ළඟ ළඟ පිහිටි කුඩා නිවස්වල ජීවත් වෙමින් දිගු කාලයක් වාසය කිරීම රෝග ව්‍යාප්තියට හේතුවක් වෙලා තියෙනවා. මෙසේ වාර්තාවූ රෝගීන්ගෙන් 25% ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

14% ත් 17% ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ වනවිට විවිධ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ජනතාව දැනුවත් කරීම තුළින් ලාදුරු රෝගීන් හඳුනාගැනීමට පහසු වනවා යැයිද වෛද්‍යවරයා කීවේය.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment