මාස දෙකක් තිස්සේ ජල ටැංකියේ තිබූ මළ සිරුර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

700

ගම්පොළ ශික්‍ෂණ රෝහලේ වත්මන් පාලනාධිකාරියේ අදූරදර්ශී කි‍්‍රයාකලාපය නිසා මාස 2 කට ආසන්න කාලයක් පුරා බෙහෙවින් නරක් වූ මිනිස් මළ සිරුරක් තිබී එහි විෂ සහිත ජලය  රෝගීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට පානය කිරීමට සිදුවී තිබුණින් ඒ පිළිබඳව හා අනෙකුත් කි‍්‍රයා සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් කරන්නැයි ඉල්ලා ගම්පොළ රෝහල සුරැුකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු ආයතන කිහිපයක් වෙත පැමිණිලි කර ඇති බව එම සංගමයේ කැඳවුම්කරු එම්.එම්.එම්. අසාල් මහතා පවසයි.

කොරෝනා රෝගය වැළඳී සිටි පුද්ගලයකු රෝහල තුළින් අතුරදන්ව මාස 2 කට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳව රෝහල තුළින් නිසි පරීක්‍ෂණයක් සිදුව නොමැති නිසා මෙම මළ සිරුර මෙතෙක් කාලයක් සොයාගැනීමට නොහැකිව තිබිණි.

එසේම දිනපතා දහස් ගණනක් ප‍්‍රයෝජනයට ගන්නා ජල ටැංකියේ පිරිසිදුභාවය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා මෙම අපවිත‍්‍ර ජලය මාස 2 ක් පුරා සියලූදෙනාට බීමට සිදුව ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment