මාස නවයට මානව හිමිකම් පැමිණිලි 4188 ක්

521

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉකුත් වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා පැමිණිලි 4188ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම පැමිණිලිවලින් 3309ක විමර්ශන කටයුතු සිදුකර ඇති අතර 64ක් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

සංචරණ සීමා කාලයේ පැමිණිලි ලැබීම් අඩු වූ බව ද හෙතෙම කීය. සමහර පැමිණිලි විභාග වන අතරතුර සමථයට පත්වීම හා කොමිෂන් සභාවේ පැමිණිලි පිළිබඳ දැනුවත්වීම තුළ අදාළ අංශ විසින් නිවැරදි කර ගැනීම ද තවත් පැමිණිලි අධිකරණයට යන අවස්ථාවල ලැබෙන පැමිණිලි බහා තිබීම සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට සිදුවන අකටයුතුකම්, සේවා ලබා ගැනීමට යෑමේදී මහජනතාවට සිදුවන හිරිහැර සහ පොලිසියේ ක‍්‍රියාකලාපයන්ට එරෙහිව ලැබුණු පැමිණිලි ඒ අතර වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment