මාස පහක නූපන් දරුවකු කොරෝනාවලින් මවගේ කුස තුළ මියගිහින්

117

මාස පහක් වූ නූපන් දරුවකුටද කොරෝනා වැළදී ගම්පොළ ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍යය අංශ පවසයි.

මාස පහක නූපන් දරුවකු කොරෝනාවලින් මවගේ කුස තුළ මියගිහින්

මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති අටක් වූ දරුවකු මියගොස් තිබුණේ ගම්පොළදීය. මෙම නූපන් දරුවාගේ මව ගම්පොළ නගරයේ නුවරඑළිය මාර්ගයේ පදිංචිකාරියක් වන අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ නිසා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දෙමින් සිට ඇත. එ් අතරතුර සති 20 ක් (මාස පහක්) වූ මෙම නූපන් දරුවා පිළිබඳව වෛද්‍යවරු සැලකිල්ලෙන් සිටියදී එම දරුවා කුස තුළ මියගොස් ඇති බව දැන පසුව දරුවා සැත්කමක් කොට එළියට ගෙන ඇත. එහිදී සිදුකළ පරීක්ෂාවේදී මෙම දරුවා ආසාධිත බව හඳුනාගෙන ඇත. 36 හැවිරිදි මව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ පවුලේ සියලූ දෙනා නිරෝධායනයට ලක් කිරීමට ගම්පොළ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත. ගම්පොළ උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. ෂාහීම් මහතා පවසන්නේ කොරෝනා වෛරසයට ලක්වන ගර්භනී මවක් විවිධ සංකූලතාවන්ට ගොදුරු වන නිසා මෙම වසංගතයෙන් ආරක්ෂාවීමට ගත හැකි සෑම පියවරක් ගැනීමට කටයුතු කළ යුතු බවයි. මියගිය දරුවාගේ ආදාහනය ඊයේ (25 වැනිදා* ගම්පොළ නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment