මාස හතට ඉන්ධන පාඩුව  ඩොලර් මිලියන අනූවයි

141

වැරදි සහගත මිල නියම කිරීමේ ක්‍රියාවලීන් සහ පාවිච්චියට යෝග්‍ය නොවන ඉන්ධන මිලට ගැනීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 90 ක පාඩුවක් ලබා ඇතැයි ඒ පිළිබඳව කරන ලද දත්ත විශ්ලේෂණයකින් හෙළිව තිබේ.

 මේ දත්ත විශ්ලේෂණය දැනටමත් රජයට භාරදී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් කාලයේදී නැව් දෙකකින් ගෙන්වන ලද පිරිපහදු කරන ලද තෙල් තොග දෙකක්ම පාඩුවට ගෙන්වා ඇතැයි මේ වාර්තාවලින් හෙළිවී ඇත.

 පසුගිය මාස හයක කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වන ලද අමුතෙල් සහ පිරිපහදු කළ තෙල් පිළිබඳ කරන ලද විශ්ලේෂණයකදී ඉහත කරුණු හෙළිවී තිබේ. මේ අනුව තෙල් ගනුදෙනු මගින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු සිදුකළ එක සමාගමක් සම්පූර්ණයෙන්ම අසාදු ලේඛනගත කරනු ඇත.

 ඛනිජ තෙල් පටවාගත් නැව් කොළඹ වරායට පැමිණ තිබියදී අසාදු ලේඛනගත සමාගමට අයත් නැව් තෙල් රැගෙන වරායට පැමිණ ඇති බවත් එහිදී එම නැව්වලට කලින් කොළඹ වරායට පැමිණි තෙල් නැව් පිළිබඳ කරුණු සැලකිල්ලට නොගෙන අසාදු ලේඛනගත සමාගමේ නැව්වලට සම්පූර්ණයෙන් මුදල් ගෙවා ඇති බවත් වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment