මාස හයේ සිඟිත්තියට වඩා අම්මට සූදුව ලොකු වෙලා

533

කාන්තාවන්ට පමණක් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීමට හැකි ස්ථානයක් වටලා කාන්තාවන් හත්දෙනකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

බූරුපිටිය වටලා සැකකාරියන් අත්අඩංගුවට ගෙන බූරුපිටියේ තිබූ රුපියල් 7000 කට ආසන්න මුදලක් සහ බූරු කූට්ටම පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එක් කාන්තාවක් මාස 6 ක් වයසැති සිඟිති දියණිය ඥාති නිවසක දමා බූරු ගැසීමට පැමිණ ඇති බවත් බිලිඳියට මව් කිරි දීම සඳහා සැකකාරිය සිර මැදිරියෙන් ඉවතට ගෙන අවස්ථාව ලබා දුන් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් අටදෙනා මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින දාහතරක් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායන කිරීමට අවසර ඉල්ලා සිටින බව පොලිසිය කියයි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර , සහකාර පොලිස් අධිකාරී වෙත්තසිංහ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික‍්‍රමපාල, සැරයන් සම්පත් (31785), කොස්තාපල්වරුන් වන ධනුෂ්ක ( 32669), ක‍්‍රිෂාන්ත (60685), ජයසූරිය (68411) සහ කාන්තා කොස්තාපල් හර්ශනී (1074) සහ ගාල්ලගේ 11046) වැටලීමට එක් වූහ.

එස්. ඒ. ආර්. ප‍්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment